20 අකුලනු.. ව්‍යවස්ථා සංශෝධන එපා..- ත්‍රෙනිකායේ නායක හිමිවරුන් සංග ආඥාවක් නිකුත් කරති..

බෙදුම්වාදී උවමනාවන් ඉටු කරමින් විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සදහා ගෙන එන 20 වන ව්‍යවස්ථා සංශෝධනය වහා නවත්වන්නැයි ජාතික නියෝජිත මහ සග සමුළුව කියා සිටිති.

කොළබදී පැවැත්වූ මෙම සග සමුළුව සදහා නිකායන් නියෝජනය
කරමින් ඉහලම නායක හිමිවරුන් සහභාගී වී සිටියහ.

අනුර කුමාර දිසානායක මේ බෝම්බය ගෙන ආවත් පුපුරුවා හරින්නේ දෙමල සන්ධානයේ උවමනාව මත බවත් මේ උත්සාහ කරන්නේ නැට්ට විසින් බල්ලා වනන්න යයි සමුළුව අමතමින් පූජ්‍ය මැදගොඩ අබයතිස්ස හිමියෝ කියා සිටියහ.

අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය වෙඩරුවේ උපාලි හිමි, එම නිකායේ මහා ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමි, බෙල්ලන්විල විහාරාධිපති පූජ්‍ය බෙල්ලන්විල ධම්මරතන හිමි ඇතුළු නායක හිමිවරුන් පිරිසක් සභාව ඇමතුහ.

ව්‍යවස්ථාවක් සංශෝධනයක් මේ මොහොතේ අවශ්‍ය නැති බවට සංග සභාව විසින් ගන්නා ලද ඒකමතික තීන්දුව සංඝ ආඥාවක් ලෙසින් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා වෙත දැනුම් දීමටද එහිදී තීරණය කෙරින.

gossip lanka