113 බලය පෙන්වා මහින්ද අගමැති කර අලූත් ආණ්ඩුවක් සූදානම්.. කපුකම 16 කණ්ඩායමෙන්.. ජනපතිත් එකගයි..

2019 වසර සදහා වූ අයවැය යෝජනාවලිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති කරමින් පාර්ලිමේන්තුවේ නව ආණ්ඩුවක් පිහිටුවීමට අදාල සාකච්චා මේ වන විට 16 කණ්ඩායම විසින් සිදු කරමින් සිටින බව වාර්තා වෙයි.

ඉදිරි දින කිහිපය ඇතුලත ආණ්ඩුවේ සිටින ශ‍්‍රිලනිප මන්ත‍්‍රීවරුනගෙන්
තවත් අවම 06 දෙනෙකු විපක්‍ෂයට එක් වීමට නියමිත බවත් ඒත් සමගම ආණ්ඩුවේ 2/3 බලය අහෝසි වී යන බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ටී.බී. ඒකානායක මහතා සදහන් කර ඇත.

ඉන් පසු පාර්ලිමේතුවේ සිටින සුළු ජාතික පක්‍ෂ ඇතුළු පිරිසක් එක් කරගෙන 113ක සරල බහුතර ආණ්ඩුවක් පිහිටුවීම සදහා කටයුතු කරන බවත් ඔහු සිය දේශපාලන හිතවතුන් සමග සදහන් කර ඇති අතර ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාද ඊට අනුමැතිය දී ඇතැයිද කියා තිබේ.

කෙසේ වෙතත් ඒකානායක මහතා මේ අදහස් පල කරද්දී එක් අයෙකු සදහන් කර ඇත්තේ ජනාධිපතිවරයා අවස්ථා කිහිපයකදීම විශ්වාසය කඩ කර ඇති නිසා මෙවරද එය සිදු වන තෙක් විශ්වාස කල නොහැකි බවයි.


gossip lanka