ඉන්ධන මිල ඉහළ යාමට මුවාවෙමින් කොළොන්නාවේ තෙල් නිමා පර්යන්තයේ ඉහළ නිළධාරින් පිරිසක් කෝටි ගණනක වංචාවක් සිදු කර ඇති බව වාර්තා වේ.
මේ වංචාව සිදු කර ඇත්තේ ඉන්ධන මිල ඉහලයාමේ නිවේදනය මගිනි.
ඒ සාමාන්‍යයෙන් ඉන්ධන මිල ඉහළයාමේ නිවේදනය නිකුත් කරනු
ලබන්නේ රාත්‍රී 8.00 න් පසුව වුවත් ඉකුත්දා සිදුකළ ඉන්ධන ඉහල දැමීමේ නිවේදනය එදින පෙරවරු 11.00 ටත් පෙර නිකුත් කර ඇති බව පැවසේ.
කෙසේවුවද මේ තත්ත්වයත් සමඟ විශය භාර අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ඉන්ධන මිල ඉහල දැමීමේ නිවේදනය පිටවී ඇති බැවින් ඉන්ධන ඇනවුම් ලබා නොගන්නා ලෙස එහි නිලධාරීන්ට ලබාදී තිබේ.
අමාත්‍යවරයාගේ නියෝගය ද ඉක්මවා කොළොන්නාව තෙල් තොග නිමාවේ බෙදාහැරිම් අංශය එදින පෙරවරු 11න් පසුව ලැබුණු තොග බවුසර් 180ක් පමණ පිටකිරීමෙන් මේ වංචාව සිදු කර ඇත.
ඒ අනුව ලීටර 6,600 බවුසර් එසේ පිටකර ඇති අතර ඉන් සංස්ථාවට එක බවුසරයකින් රුපියල් ලක්ෂ තුනක පමණ අලාභයක් සිදුව ඇති බව පැවසේ.
කොළොන්නාවේ තෙල් නිමාවේ ලොක්කන්ගේ අලුත්ම ගැහිල්ල !
2018-05-14T14:45:00+05:30
Gossip Lanka Hot News
slide|