හෙට (23) සිට දින 04 ක කාලයක් සදහා වැසි සහිත කාලගුණික තත්ත්වයේ වර්ධනයක් පෙන්නුම් කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, වයඹ හා දකුණු පළාත් වලට
මෙලෙස අධික වැසි සහිත කාලගුණික තත්ත්වය බලපානු ඇති බවයි එම නිවේදනයේ සදහන් වන්නේ.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ පළාත් වලට ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කයන්ට මේ අනුව මිලි මීටර් 150 ඉක්මවූ වැසි ඇති වන බව සදහන්. එමෙන්ම වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමග තද සුළං ඇති විය හැකි බවට දැනුම් දෙනවා.
අකුණු අනතුරු අවම කර ගැනීම සදහා මහජනතාව විමසිලිමත් වන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
කාලගුණයෙන් හදිසි නිවේදනයක්
2018-05-22T17:16:00+05:30
Gossip Lanka Hot News
slide|