තිස්වසරක ත්‍රස්තවාදය අවසන් කරමින් ප්‍රභාකරන් ඇතුළු කොටි ත්‍රස්තවාදී සංවිධානය පරාජය කළ වසර නමයක් ගතවන සාංවත්සරික සතිය ගෙවී යමින් පවතී.
ඊට අදාළව උතුරේ දේශපාලන පක්ෂ විසින් “ජන සංහාර“ සතියක් නම්කර තිබේ. ඒ අනුව දෙමළ ජාතික සන්දානය ඊයේ 16 දින
ත්‍රිකුණාමලයේදී පහන් දල්වා එම සැමරුම් ආරම්භ කර ඇත.
එහිදී අදහස් දක්වමින් පළාත්සභා මන්ත්‍රී එම්.කේ ශිවාජිලිංගම් “වෙල්ලමුල්ලිවයිකාල්වලදි මියගිය අය සැමරිම අමාත්‍ය රාජිත සේනාරත්න ද අනුමත කරලා තියනවා. මේ අනුව රජය අනුමතකල මෙම සැමරිම රජයේ නිලධාරින් මෙතනට පැමිණ බාධා කරන එකම රට මෙයයි. අපි සමරන්නේ සාමාන්‍ය ජනතාවයි.මියගිය එල්.ටි.ටි.ඊ අය සමරන්න ඒ අයට මහාවිරු දිනය තියනවා” යනුවෙන් ප්‍රකාශ කර ඇත.
“මියගිය අය සැමරීම රජයත් අනුමත කරල තියනවා“ උතුරේ “ජනසංහාරක සතියක්“ නම්කර TNA ජයටම සමරයි
2018-05-17T09:26:00+05:30
Gossip Lanka Hot News
slide|