සහල් ආනයනය තහනම් කිරීම ජනාධිපති සොහොයුරාට ලාභ ලබාදීමට අශ්වයා ගිය පසු ඉස්තාලය වැසීමක් යයි පාරිභෝගික අයිතීන් සුරැකිමේ ජාතික ව්‍යාපාරය පවසයි.
මේ බව සදහන් කරමින් එම සංවිධානය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.
සහල් ආනයනය තහනම් කිරීම, ජනාධිපති
සොහොයුරාට ලාභ ලබාදීමට අශ්වයා ගිය පසු ඉස්තාලය වැසීමක්.
අප රටේ ජනතාවට මෙතෙක් කලක් විස සහිත ආනයනික සහල් පරිභෝජනයට ඉඩ සලසා මහ කන්නයේ වී අස්වැන්න නෙලා අවසන් වූ පසු ආනයනික සහල් තහනමක් පැනවීම අශ්වයා ගිය පසු ඉස්තාලය වැසීමකි.
2018 ජනවාරි මහකන්නයේ වී අස්වැන්න නෙලීම ආරම්භ කල අතර සහල් ආනයනය නතර කිරීමට නීති සැදීමට තිබුනේ 2017 දෙසැම්බර් මාසයේය.ආනයනික සහල් ප්‍රමිතියෙන් තොර බවට සමාජයේ කතාබහක් ඇති වූවද ආනයනික සහල් තහනම් කිරීමට රජය කටයුතු කලේ නැත.මාස හයකට ප්‍රමාණවත් සහල් දේශපාලකයන්ගේ හිතමිතුරු මහා පරිමාණ සහල් ව්‍යාපාරිකයන්ට ආනයනය කිරීමට ඉඩ සලසා ආනයනික සහල් සදහා තහනමක් පැනවීම අපට නම් විශාල ගැටළුවකි.
එහෙත් ඒ පිලිබදව සොයා බැලීමේදී අනාවරණය වන්නේ ජනාධිපතිවරයාගේ සොහොයුරාට අයිති අරලිය සහල් සමාගම සිය අති නවීන සහල් මෝල් සංකීරණය 2018 මැයි 9 වන දින පොලොන්නරුවේදී විවෘත කිරීමට නියමිතව ඇති බවයි.
විශාල සහල් ටොන් සංඛ්‍යාවක් පහසුවෙන් ගබඩා කළ හැකි මෙම සහල් මෝල් සංකීරණය මීට පසු ශ්‍රී ලංකාවේ සහල් මිල තීරණය කරන ප්‍රධාන සාධකය බවට පත්වීම කිසිවකුට වැලැක්විය නොහැකිවනු ඇත.
මෙරට සහල් පාරිභෝගිකයාට සහනයක් සැලසීමට රජය වහාම කළයුත්තේ ආනයනික සහල් සදහා පාලන මිලක් හදුන්වාදීම වන අතර එසේ කරන ලෙස අප රජයෙන් ඉල්ලා සිටිමු. රජය එසේ නොකරන්නේ නම් ආනයනික සහල් තහනමෙන් සිදු වන්නේ මහා පරිමාණ සහල් ව්‍යාපාරිකයන් ධනවත් කිරීම පමණකි.
සිය සොහොයුරාගේ සමාගම ධනවත් කිරීම වෙනුවට අඩුම තරමින් තමාට ජන්දය ලබා දුන් ලක්ෂ 62 ක ජනතාවට සහන මිලට සහල් මිලදී ගැනීමට හැකි වැඩ පිළිවලක් ජනාධිපති ධූරය දරණ ඉදිරි මාස 15 දී හෝ සිදු කරනු ඇති බව ජනතා විශ්වාසයයි.
රංජිත් විතානගේ
සභාපති
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය
සහල් ආනයනය තහනම් කිරීම ජනාධිපති සොහොයුරාට ලාභ ලබාදීමටයි..
2018-05-04T09:23:00+05:30
Gossip Lanka Hot News