අල්ලස් නඩු විභාගයට විශේෂ අධිකරණයක්

අල්ලස් හා දුෂණ නඩු විසදීම සඳහා විනිසුරුවරුන් තිදෙනෙකුගෙන් සමන්විත විශේෂ අධිකරණයක් පිහිටුවිවිමට අදාළ නෛතික කටයුතු සිදු කරමින් පවතින බව අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසම පවසයි.

ඒ සඳහා පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගැනිමට නියමිත බව එම
කොමිසමේ  කොමසාරිස් නෙවිල් ගුරුගේ මහතා සදහන් කළේය.

අල්ලස් හා දුෂණ නඩු විසදීම වඩාත් කාර්යක්ෂම කිරිමේ අරමුණින් විශේෂ අධිකරණයක් පිහිටුවිමට තීරණය වී තිබේ.

මේ අතර වත්කම් හා බැරකම් හෙලි නොකරන රාජ්‍ය නිලධාරින් සහ දේශපාලනඥයින්ගෙන් අය කරනු ලබන දඩ මුදල ඉහළ දැමීම සදහා වු නීති කෙටුම්පත් කිරිම මේ දිනවල සිදු කෙරෙමින් පවතින බව අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසම සදහන් කළේය.

ඒ  සඳහා පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගැනිමට ද නියමිත බව එම කොමිසමේ කොමිසාරිස් නෙවිල් ගුරුගේ මහතා වැඩිදුරටත් පැවසීය.




gossip lanka