ශ්‍රීලනිපය කැඩීමේ ගෞරවය හිමි වියයුත්තේ කාටදැයි මර්වින් කියයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කොටස් 3 කට කැඩීයාම සම්බන්ධයෙන් එහි ගෞරවය වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට හිමිවිය යුතු බව හිටපු සිල්වා මහතා පවසයි.

'' ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කිරීමේ ගෞරවය ඒ දෙන්නට
හිමිවෙන්න ඕන. එක ඉතිහාසයේ ලියවේවි'' යයි ඔහු කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

මැතිවරණ කාලයට දේශපාලන පක්ෂ නායකයින්ට ව්‍යාපාරිකයින් ගෙන් හිතවතුන් ගෙන් හා ඥාතීන්ගෙන් සල්ලි යහමින් ලැබෙන බවත් පිටරටවලි ද මුදල් ලැබෙන බවත් එහිදී පැවසු මර්වින් සිල්වා මහතා, නමුත් බැඳුම්කර ගණුදෙනුව හරහා සමහර පුද්ගලයින් දැනුවත්ව හො නොදැනුවත්ව මුදල් ලබාගෙන තිබීමේ හැකියාව පවතින බව වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
gossip lanka