කණ්ඩායමේ කුසල් ජනිත් පෙරේරා අබාධයකට ලක්ව රෝහල් ගත කර තිබෙනවා.
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ 2 වන ඉණිමේදී දිල්රුවන් පෙරේරා ගේ පන්දුවකට Shannon Gabriel විසින් ලෝන්ග් ඔන් කලාපයට ඉහලින් එල්ල කළ පන්දුව උඩ පන්දුවක් ලෙස රැකගැනීමට උත්සහ කිරීමේදී කුසල් ජනිත් පෙරේරා ඒ අසල සවිකර තිබු දැන්වීම් පුවරුවක් මතට ඇද වැටීමෙන් මෙම හදිසි අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
එලෙස ඇද වැටුනු කුසල් පෙරේරාව ගිලන් රථයක් මගින් රෝහල කරා රැගෙන ගොස් තිබෙනවා.