ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත්වීම අනිවාර්යයෙන් සිදුවන බවත් ඊට අදාල කටයුත්ත නිහඬවම සිදුවන බවත් එම පක්ෂයේ මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසයි.
එය එක රැයකින් සිදුකිරීමට හැකි කාර්යයක් නොවන බවද මහ
ලේකම්වරයා කියා සිටියි.
'මව්බිම' පුවත්පතට විශේෂ ප්‍රකාශයක් දෙමින් ඔහු එබව සඳහන් කර තිබේ.
පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු මේ වන විට ආරම්භ වී ඇති බවත්, එයින් පසු පක්ෂයේ මහා සම්මේලනය කැඳවා සංවිධාන ශක්තිය පෙන්වා ශක්තිමත් කරගත යුතු බවත් මහ ලේකම්වරයා පවසයි.
මහ ලේකම්වරයා වැඩිදුරටත් මෙසේද සඳහන් කර තිබේ.
"අපි දැන් පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු ආරම්භ කරලා තියෙන්නේ. අපේ සංවිධාන ශක්තිය පුළුල් කරගෙන හැකි ඉක්මනින් පක්ෂ මහා සම්මේලනය කැඳවන්න ඕනෑ. හැමෝගෙම අදහස වන්නේ අපි ආණ්ඩුවෙන් ඉවත්වෙලා යන්න ඕනෑ කියන එකයි.
හැබැයි ඉවත් වෙලා අපි මොනවද කරන්නේ. ඒක තවත් ප්‍රශ්නයක්. අපේ ඉවත්වීම කියන්නෙ ප්‍රධාන හතුරා වන එක්සත් ජාතික පක්ෂය ශක්තිමත් වීමයි. ඇයි අපි ඒකට ඉඩ තියන්නේ. " .
"අපි ආණ්ඩුවෙන් ඉවත්වෙනවා" - ශ්‍රීලනිප මහ ලේකම්
2018-06-18T08:07:00+05:30
Gossip Lanka Hot News
slide|