හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වයට පත් කිරීම නියමිත බව ඒකාබද්ද විපක්‍ෂය නියෝජනය කරන පාර්ලිමේන්තුම්න්ත‍්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.
එළැඹෙන නොවැම්බර මස 01 වැනිදාට යෙදී ඇති ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ දෙවැනි සංවත්සරය දිනයේදී සියළු පාක්‍ෂිකයන්ගේ ආශිර්වාදය
මැත පක්‍ෂ නායකත්වයට මහින්ද රාජපක්‍ෂ මහතා පත් කරන බවද මන්ත‍්‍රීවරයා සදහන් කරයි.
එමෙන්ම හිටපු ජනාධිපතිවරයා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් නිල වශයෙන් ඉවත් වනු ඇති බවද ඔහු කියා සිටී.
බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.
මහින්ද පොහොට්ටුවේ නායකයා ලෙස පත් කෙරේ.. ශ‍්‍රීලනිපයෙන් නිල වශයෙන් ඉවත් වේ…
2018-06-19T07:44:00+05:30
Gossip Lanka Hot News
slide|