තනතුරු වෙනුවට තම ආයතනයේ සංවර්ධන වැඩ කිරීමට රුපියල් කෝටි 50ක මුදලක් ලබාදෙන ලෙස ඉල්ලා එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් 08 දෙනෙකු අග්‍රාමාත්‍යවරයාට ලිපියක් බාරදීමට නියමිතව ඇතැයි එම කණ්ඩායමේ සාමාජිකයෙක් සති අන්ත පුවත්පතක් වෙත
පවසා තිබෙනවා.
එම යෝජනාව සඳුදා (18) දින අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු පක්ෂ රැස්වීමේදී බාරදීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ.
අදාළ මන්ත්‍රීවරුන් 08 දෙනාම අමාත්‍යංශ අධීක්ෂණ මන්ත්‍රීධුර ප්‍රතික්ෂේප කර ඇති බව ද සඳහන්.
කෙසේ වෙතත් මීට පෙර පසුපෙළ මන්ත්‍රීවරුන් විසින් පක්ෂයේ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළ සඳහා යෝජනාවක් ඉදිරිපත් කළ අවස්ථාවේ අග්‍රාමාත්‍යවරයා විසින් රුපියල් කෝටි 30ක මූල්‍ය ප්‍රතිපාදන සහ අධීක්ෂණ මන්ත්‍රීධුර ලබාදීමට පොරොන්දු වූ බව ද වාර්තා වෙනවා.
එම යෝජනාව ප්‍රතික්ෂේප කොට මෙම මන්ත්‍රීවරුන් අටදෙනා විසින් ඉහත කී යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිතව ඇතැයි පැවසෙනවා.
“පට්ටම් එපා, කෝටි 50 ගාණේ දෙන්න” – එජාප පසුපෙළ මන්ත්‍රීන් 8ක් අගමැතිට කියයි
2018-06-16T09:17:00+05:30
Gossip Lanka Hot News
slide|