වරාය හිටපු සභාපති ප්‍රියත් බන්දු හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන යන මහත්වරුන් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නීතිපති දෙපාර්තමේන්තුව වෙත ලබා දී තිබූ විමර්ශන ලිපිගොණු අස්ථාන ගතවී ඇති බව වාර්තා වේ.
මොවුන් දෙදෙනා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ විමර්ශන 2015 මාර්තු මාසයේදී අවසාන කර ඉදිරි නීති ක්‍රියාමාර්ග
(නඩු පැවරීම) ගැනීම සඳහා එම ලිපිගොණු නීතිපති දෙපාර්තමේන්තුවට භාර දී ඇත.
මේ වනවිට සජින් වාස් ගුණවර්ධන මහතා වැඩි වශයෙන් ඩුබායි හි රැඳී සිටින බව වාර්තා වේ.
එමෙන්ම සජින්වාස් ගුණවර්ධන මහතාට යහපාලන ආණ්ඩුවේම ප්‍රබලයෙකු විසින් “ඇමති ආරක්ෂාව” සපයා දී ඇති බවද වාර්තා වී තිබිණි.
(මූලාශ්‍රය - ලංකා නිවුස් වෙබ්)
Comments by IntenseDebate
Posting anonymously.
ප්‍රියත් හා සජින්ගේ CID ෆයිල් අතුරුදහන් !
2018-07-26T15:32:00+05:30
Gossip Lanka Hot News
slide|