කිරිවෙහෙර හිමිගේ රෝහල් බිල මිලියන 3යි! ගෙවන්න පොරොන්දු වූ රජය අහක බලයි!

කිරිවෙහෙර රජමහා විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන්ගේ රෝහල් ගාස්තු රජය විසින් ගෙවීමට පොරොන්දු වුවද ඊට රජයෙන් මෙතෙක් ප‍්‍රතිචාරයක් ලැබී නොමැති බව වාර්තා වනවා.

වෙඩි වැදීමකින් තුවාල ලබා උන්වහන්සේ ප‍්‍රතිකාර සදහා කොළඹ
පෞද්ගලික රෝහලකට ඇතුළත් කෙරුණේ ඉකුත් ජූනි මස 13 වැනිදායි.

මේ වන විටත් කොබවක ධම්මින්ද හිමියන් එම පෞද්ගලික රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලබනවා.

උන්වහන්සේ රෝහල් ගාස්තුව මිලියන 3කට ආසන්න බවයි වාර්තා වන්නේ.

මේ සම්බන්ධයෙන් පුවත් වෙබ් අඩවියක් බුද්ධශාසන අමාත්‍ය ගාමිණි ජයවික‍්‍රම පෙරේරාගෙන් කළ විමසීමක දී ඔහු කියා ඇත්තේ ඉදිරි කැබිනට් රැස්වීමේදී තමන් ජනාධිපතිවරයාගෙන් මේ පිළිබදව විමසීමක් සිදු කරන බවයි.

gossip lanka