මහින්දට නැවත රට බාර ගන්න තව එක වෙසක් පොහොයයි.. පොදු ජන අරගලය එය තවත් ඉක්මන් කරනවා..- ප‍්‍රබලයෙක්ගෙන් අනාවැකියක්..

ජන ජීවිතය අවුල් වියවුල් කරමින් යහ පාලන ආණ්ඩුව කර ගෙන යන අවුල් පාලනයෙන් රටේ අනාගතය ඛේදනීය ඉරණමකට තල්ලු කර තිබෙන බවත් මේ ආණ්ඩුවේ ගමන හැකි ඉක්මනින් නතර කර ජන සම්මතවාදී ආණ්ඩුවකට රට භාර කර වීම රටට ආදරය කරන සියලු දෙනාගේම යුතුකමක් හා වග කීමක් බවත් හිටපු ජනාධිපති මහින්ද
රාජපක්‍ෂ මහතාගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම් කුමාරසිරි හෙට්ටිගේ මහතා පැවසීය .

ඔහු එසේ කිවේ දේශපාලන හා සමාජ ක්‍රියාකරිකයන් පිරිසක් සමග බොරලැස්ගමුවේ දී පැවති සුහද හමුවකින් පසු අදහස් දක්වමිනි .

හෙට්ටිගේ මහතා එහිදී මෙසේද කීය .

”අද අපට ජීවත් වීමට සිදු වී තිබෙන්නේ ඉතිහාසයේ තවත් අදුරුම යුගයක .නීතියක් යුක්තියක් නැති ප්‍රජාතන්ත්‍රවාදයේ මළ බෙර හඩ ඇසෙන මේ යුගයේ පාලකයන්ට තව කොපමණ කාලයක් මේ විදියට යා හැකිද ?පාලකයන් ගැන ජනයාගේ කෝපය ඉහළටම ඇවිත් .සමාජ ,ආර්ථික ,දේශපාලන යන හැම පැත්තකින්ම කඩා වැටුණ රටක් බවට පත් වෙලා .බලය වෙනුවෙන් ඕනෑම හිරිකිත වැඩක් මේ අය කරනවා .රටේ බලය අරන් මේ තරම් කෙටි කලකින් රට විනාශ කළ ,ජනතා අප්‍රසාදයට පත් වූ ආණ්ඩුවක් තවත් නෑ .රට මෙම විපත්තිකාරී තැනට තල්ලු කිරීමේ පාපයෙන් ජනාධිපතිටවත් අගමැතිටවත් වෙන් වෙන්ව නිදහස් වෙන්න බෑ .

මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ලෙස එදා දුන් දේශපාලන නායකත්වය නිසා කොටින්ට යටත් වෙන්න තිබුන අපේ රට නිදහස් කර ගත්තා .ඊට පසු අදහා ගත නොහැකි සංවර්ධනයක් සිදු වුණා .අද අපි හැම දෙනාම නිදහසේ හුස්ම ගන්නේ එතුමා එදා නොසැලී දේශපාලන නායකත්වය දුන් නිසා .ඒ උතුම් මිනිසාට පවුලේ අයට මොන තරම් හිංසා පීඩා කරනවද ?මොනවා කළත් රාජපක්‍ෂලා විනාශ කරන්න බැරි බව ඒ අයටම දැන් තේරිලා .කෘතිමව හදා ගත් මේ පාරිලිමේන්තුවේ මොනවද කෙරෙන්නෙ ?බහුතර මන්ත්‍රී පිරිසේ අයිතිවාසිකම් පාගා ගෙන ආණ්ඩු කරන මහ පුදුම රටක් මේක .

මහින්ද රාජපක්ෂ පාලනය රට කොතරම් හොදින් ගෙන ගියත් එදා සුලුවෙන් තිබුන අඩු පාඩු පාවිච්චි කරමින් සතුරු බලවේගය සමාජය කළබා දැම්මා .දැන් එහි විපාක හැම ජන කොටසකටම විදින්න වෙලා .අපේ අයටත් සමහර වෙලාවට කල්‍යාණ මිතුරන් හදුනා ගන්න බැරි වුණා .අපට නොයෙක් අයට සම්බන්දතා තියෙන්න පුලුවන් .ඒවා දේශ පාලනයේදී පරිස්සමින් පාවිච්චි කළ යුතු වෙනවා .සතුරාට ජන මනස වෙනස් කිරීමට අවශ්‍ය දේ අප දිය යුතු නෑ .ජනතාවගේ අප්‍රසාදයට හේතු වන කරුණු ගැන හොදින් සිතා බැලිය යුතු වෙනවා .

මහින්ද රාජපක්ෂ මහත්තය උතුම් ගුණ ධර්ම තිබෙන කෙනෙක් .එතුමා පොදු ජනයා ආදරෙන් වැළද ගන්නේ ඒ නිසා .අද සියලු ජාතීන්ට එතුමා අවශ්‍ය වී තිබෙනවා .අපි එතුමා ආරක්ෂා කරන්න ඕනෑ .රට නැවත ගොඩ ගන්න එතුමා ඕන බව පොදු ජන මතයයි .මේ ජන කාන්ත මිනිසාගේ ඉදිරි ගමන නතර කරන්න ජනතා පරමාධිපත්‍යය ද යටපත් කරමින් යහපාලන ආණ්ඩුව උත්සාහ දරා තිබෙනවා .එය අප පරාජය කළ යුතුයි .

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අද රටේ දැවැන්තම දේශපාලන බල වේගයයි .මහින්ද මහත්තයා මේ බල වේගයයට නායකත්වය දී නැවත රට බාර ගැනීමට ඇත්තේ තවත් එක් වෙසක් පොහොයකි .පොදු ජන අරගලයේ ස්වභාවය අනුව එය ඊට පෙරද සිදුවෙන්න පුලුවන්”


gossip lanka