භික්ෂු විනය සදහා රාජ නීතිය ඈඳාගත යුතු නැතැයි සියම් මහ නිකායේ මල්වතු පාර්ශවයේ අනුනායක පුජ්‍ය නියංගොඩ විජිත සිරි නාහිමියන් අවධාරණය කර සිටියි.
උන්වහන්සේ මේ බව සදහන් කළේ රාගම - තුඩුවේගෙදර ඉසිපතනාරාම
විහාරස්ථානයේ ඊයේ පැවති පුන්‍යෝත්සවයකට එක්වෙමිනි.
එහිදී උන්වහන්සේ මෙසේ අදහස් දක්වනු ලැබීය.
“රටේ නීති පද්ධතියක් තියෙනවා. අපරාධ නීති සංග්‍රහයක් තියෙනවා, සිවිල් නීති සංග්‍රහයක් තියෙනවා. මේ සියල්ලටම භික්ෂුන් වහන්සේලා යටත්. ඒ අතර වාරයේදී භික්ෂුන් වහන්සේලා ඇති කර ගන්නා විනය සම්මුතිය පාර්ලිමේන්තුව විසින් සම්මත කරන්නේ ඇයි? අපි එකක් කියන්නට ඕනේ භික්ෂු විනය, භික්ෂු නීතිය එහෙමම තිබුණා වේ. රාජ නීතිය ඒකට ඈදා ගන්න. යම් යම් අර්බුධ ඇති වෙනකොට රාජ්‍ය අනුග්‍රහය ලැබුණා ඒ වුණාට භික්ෂුන් වහන්සේලා පාලනය කරන්න රජවරු ඉදිරිපත් වුණේ නැහැ. හැබැයි ඉතින් මනුෂ්‍ය ඝාතනයක්, මිනී මැරුමක් කලොත් භික්ෂුන් වහන්සේ කියලා බේරෙන්න බැහැ. වැරදි කරොත් බේරෙන්නේ නැහැ.”
"භික්ෂූන් පාලනයට රජවරු ඉදිරිපත් වුණේ නෑ" - මල්වතු අනු නා හිමි
2018-07-24T14:14:00+05:30
Gossip Lanka Hot News
slide|