තෙල් මිල වැඩි කිරීමෙන් ජනපතිගේ ආර්ථික සභාව පුස්සක් වෙයි

ඛනිජතෙල් මිල සූත්‍රයට අනුව බව කියමින්, මිල ගණන් සංශෝධනය කිරීම නිසා ජනාධිපතිවරයා විසින් පත්කර තිබෙන ජාතික ආර්ථික සභාව සම්පූර්ණයෙන්ම පුස්සක් වී ඇති බවට තොරතුරු අනාවරණය වේ.

කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සහිතව පසුගිය සිකුරාදා සිට යලිත් මිල
වැඩි කිරීම පිළිබඳව ජාතික ආර්ථික සභාව සහ මුදල් ඇමතිවරයා ඇතුළු ඇමතිවරුන් පිරිසක් අතර නිල සාකච්ඡා පවත්වා ඇත. එම සාකච්ඡාවේදී ජාතික ආර්ථික සභාවේ සභාපති, ආචාර්ය ලලිත් සමරකෝන් පෙන්වා දී ඇත්තේ ලෝක වෙළඳපළේ තෙල් මිල ඉහළ යාමට සමාන්තරව නම්, තෙල් මිල ඉහළ දැමිය යුත්තේ සියයට තුනකින් බවය. එහෙත් ඇමති කණ්ඩායම ඊට කිසිසේත් එකඟ වී නැති අතර, ඩීසල් රුපියල් නවයකින් සහ පෙට්‍රල් රුපියල් හයකින් ඉහළ දැමීම කළ යුතු බව එකහෙලා ප්‍රකාශ කර තිබේ. ජනාධිපතිවරයාගේ ද අනුමැතිය සහිතව ඇමතිවරුන්ගේ යෝජනාව ක්‍රියාත්මක වන අතර, ජාතික ආර්ථික සභාව සම්පූර්ණයෙන්ම පුස්සක් වී ඇති බව එහිදී සනාථ වී තිබේ.

මේ අතර ආණ්ඩුව නිල වශයෙන් ප්‍රකාශ කර තිබෙන්නේ මිල සූත්‍රයට අනුව මාසයකට වරක් ක්‍රියාත්මක කරන බවය. ඊට වෙනස්ව මහ බැංකු අධිපති, ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කර ඇත්තේ එය සතිපතා සංශෝධනය කළ යුතු බවය. මේ සියළු තත්වයන් අනුව පැහැදිලිවන්නේ ජාතික ආර්ථික සභාව නාමික දෙයක් වන අතර මිල සූත්‍රය ගණනය කිරීම ද ඉක්මනින්ම ආණ්ඩුව අත්හැරීමේ සූදානමක සිටින බවට සැක පහළ වේ.


gossip lanka

Related Posts:

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by