දයාසිරි ඒකාබද්දයට එපා කියයි.. පරාක‍්‍රම සමුද්‍රයට පනින්නැයි කියයි…

‘දයාසිරි ජයසේකර කියන්නේ අපිට එතරම් වැදගත් චරිත නෙවෙයි.මෙයා කියනව පොලොන්නරුවේ පරාක්‍රම සමුද්‍රයට පැන්න වගේ දෙයක් වෙයි පොහොට්ටුවට ආවට පස්සේ. ගිලිල මැරෙන්නවෙයි කියල.අපි කියනවා දයාසිරි ජයසේකර මහත්තයාට ඔබ දැන් පොලොන්නරු පරාක්‍රම සමුද්‍රයේ ගිලිල ඉවරයි.පොලොන්නරුවේ පරාක්‍රම සමුද්‍රයේ පැන්න පහලොස් දෙනෙක් දැන් ගොඩ ඇවිල්ලා පොහොට්ටුව පැත්තට ඇවිල්ල ඉන්නවා.
හැබැයි දයාසිරි ජයසේකරට වෙන්නේ පොලොන්නරු පරාක්‍රම සමුද්‍රයේ ගිලිලා මැරෙන්න  ඊලග මැතිවරණයේදී.

ඒකාබද්ධ විපක්ෂයේ කිසිදු අඩුපාඩුවක් නැහැ නායකයින්ගේ,ඡන්ද දායකයින්ගේ, පාක්ෂිකයින්ගේ කිසිදු අඩුපාඩුවක් නැහැ.ඒක නිසා දයාසිරි මහත්තයා කවදාවත් පොහොට්ටුවට නාවට කිසිදු දුකක් කණගාටුවක් නැහැ.ඔබතුමා ඉන්න තැන ඔය විදියටම ඉන්න.පරාක්‍රම සමුද්‍රයට පනින්න කියන ඉල්ලීම අපි කරනවා දයාසිරි ජයසේකර මහත්තයාගෙන්’ යි ඒකාබද්ධ විපක්ෂයේ නියෝජ්‍ය සංවිධායක රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා කීය.

ඇඹිපිටිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගයාන් මේනක දිසානායක මහතාගේ නිවසේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පල කරන ලදී.

මෙම අවස්ථාව සදහා රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක වක්කුඹුර,ඇඹිලිපිටිය මාධ්‍ය හමුව සදහා සහභාගී විය.

මෙහිදී වැඩිදුරටත් කතාකල මන්ත්‍රීවරයා ,

අරජුන් මහේන්ද්‍රන් සිංගප්පූර් යැව්වෙ නම් අගමැතිතුමා.හැබැයි එයාව ගේනන්න පුලුවන්ද කියන එක මම දන්නේ නැහැ. සිංගප්පූරුවත් එක්ක ලොකු වැඩපිලිවෙලක් තියෙනවා අගමැතිතුමා ප්‍රමුක ආණ්ඩුවේ.සිංගප්පූරු ශ්‍රී ලංකා ඒකාබද්ධ වෙළද ගිවිසුම ඒක දැන් අස්සන් කරල.ඒකේ තව තව මොනව හරි ඇති.දැන් බන්දුල ගුණවර්ධන ඇමතිතුමා හෙලිදරව් කලා සිංගප්පූරු‍වෙන් කුණු ගෙනහැල්ල පුත්තලමේ දාන්න සූදානම් කියල.  ඒ වගේම නකල්ස් රක්ෂිතයට අපද්‍රව්‍ය ගෙනහැල්ල දාන්න සූදානම්.ඒ වගේ රට විකුණන වැඩපිලිවෙලකට හරි නැත්නම් අර්ජුන් මහේන්ද්‍රන් සමග මගුල් ගෙදරකට යන්න හරි නැත්නම් අර්ජුන් මහේනද්‍රන්ට හැංගෙන්න තව තැනක් හොයන්න හරි යන්න ඇති.

මේ සම්බන්ධයෙන් විමසුවාම අගමැතිතුමා අපට අපූරු උත්තර දෙනවා.සරත් ෆොන්සේකා මහතා යුද්ධ හමුදා හිටපු නිලධාරි තුමෙක් හැටියට විශාල වේදනාවක් තියනවා. විජයකලාගේ ප්‍රකාශය සම්බන්ධයෙන්.කිවයුතු පිළිතුර ඉතාම කෙටියෙන් කියල තිබුනා සරත් ෆොන්සේකා මහත්තය.එතුමා ලොකු වේදනාවකින් ඉන්න බව අපිටත් පේනවා.එතුමා විතරක් නෙවෙයි අගමැතිතුමා හැරුනාම ජනාධිපතිතුමා ඇතුලු සියලු දෙනාම මේ ආණ්ඩුව ගැන කලකිරීමේන් ඉන්නේ.මේ ප්‍රකාශ වලින් තේරෙන්නේ එහෙමයි.රෑට එක්කෙනෙක් බස්සනා මිල, දවල්ට එක්කෙනෙක් බස්සනවා .දෙන්නම අකමැත්තෙන් ඉන්නව වගෙයි පේන්නේ.


අගමැතිතුමා ප්‍රකාශයක් කලා.අපි රත්නපුර ජනතාව.ගොවි ජනතාව.අපි පසුගිය සතියේ කිව්වා ගම්මිරිස් මිලරබර් මිල පැගිරි මිල ,කෙසෙල් මිල,කරුංකා මිල,ගොරක මිල කඩාගෙන වැටුනා.හැබැයි කුරුදු මිල හොදට තියනව කියල අපි කිව්වා.මේ සතිය වන විට කුරුදු කිලෝ එකේ මිල රුපියල් 500කින් පහත බැහැල.එහෙනම් ආණ්ඩුව මේ සදහා වහාම මැදිහත්විය යුතුයි.

අපනයන බෝග වගාකරන පුද්ගලයා ආරක්ෂා කිරීමට ‍මේ ආණ්ඩුවට තියෙන වැඩපිලිවෙල මොකක්ද.කිසිම වැඩපිළිවෙලක් නැහැ.දැන් කියනවා මෙක්සිකෝවේ කුණාටුවක් තියනව කියල නැව් යන්නේ නැහැ කියනවා.කොහොම හරි ලංකාවේ කරුදු ගොවියාට දෙයියන්ගේ පිහිටයි දැන් ඔන්න 500කින් කුරුදු බැහැල.

අගමැතිතුමා මේ අතර ප්‍රකාශයක් කරනවා පරාක්‍රමබාහු රජතුමා ඉන්න කාලේ පරාක්‍රමබාහු රජතුමා කලුතරට ගිහිල්ලා කුරුදු වවලා කුරුදු ටික රට යවලා පරාක්‍රමබාහු රජතුමා පරාකුම සමුද්‍රය හැදුව කියල කතාවක් කියල තියනව.වැව් බැන්ද කියල.එතුමා හොයාගත්ත ගවේෂනාත්මක  මහා වංශයේ පිටු අතර තිබුන කතාවක්.ගරු අගමැතිතුමා මේ කියන්නේ.ගරු අගමැතිතුමනි,පරාක්‍රමබාහු රජතුමත් කුරුදු වවල ආධායම් ගත්තනම් දැන් මේ වවල තකියන අපේ කුරුදු ටිකට මිලක් දෙන්නකෝ.රුපියල් පන්සියයකට වැඩියේන් කුරුදු මිල බැහැල මේ සතියේ ලබන සති‍ය් තවත් අඩුවෙනවා.

දෙයියන්ගේ පිහිටයි අගමැතිතුමා කට ඇරියොත් එතන විනාශයක්.මෙච්චර කාලයක් හොදට තිබුන කුරුදු මිල ඇසි වහක් කටවහක් නැතිව 2400 ට අපි දීපු කුරුදු රුපියල් පන්සියකින් හය සියයකින් දැන් අඩුවෙලා.එක්කෝ අගමැතිතුමනි මේවට සාධාරණ මිලක් දෙන්න නැත්නම් දෙයියන්ගේ නාමෙන් අගමැත්තුමා මේව ගැන කතා නොකර ඉන්න.අගමැති රනිල් වික්‍රමසිංහ මහත්තයා කට ඇරියොත් එතන විනාශයක්.කුරුදු ගැන කිව්වේ එකයි කුරුදු වැටුනා.ගම්මිරිසු වලට මිලක් දෙනව කිව්වම ගම්මිරිස් වැටුනා.කෙසෙල් මිල වැටුනා.ගොවිජනතාවම ඉවරයි.

මේක විහේෂයෙන්ම මේ වලව මිටියාවතේ සබර ගමුමේ ගොවීන් හැටියට අපිට මේක සුවිශේෂිව බලපාන කරුනක්.මෙවැනි තත්වයන් තුල අපිට කියන්න තියෙන්නේ අතිගරු ජනාධිපතිතුමා මේවට මැදිහත් විය යුතුයි නැත්නම් ගොවීන්ට දෙයියන්ගේම පිහිටයි.

– ජයන්ත නානායක්කාර

gossip lanka