ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හොරු අල්ලන බව පවසමින් පැමිණ කිසිම හොරෙක් ඇල්ලු නැති බව ජනතා විමුක්ති පෙරමුණේ පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා පැවසීය.
ඒ පෙරේදා පැවති ජන හමුවකට එක්වෙමිනි.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.
“රටම අද පත් වෙලා තියෙන්නේ මහ සෝචනීය තත්ත්වයකට. ඇලෝසියස්ලට වික්‍රමසිංහලා විකුණුනා, චයිනා හාබර්ලට රාජපක්ෂලා විකුණුනා, සිරිසේන මහත්තයලා හොරු අල්ලන්න කියලා ඇවිල්ලා යහපාලන බෝඩ් එක දාලා අල්ලපු හොරෙක් නැහැ, හොරු නම් යහමින් රඟන ආකාරයක් රටට පේනවා. දැන් මේ රටේ ජනතාව මේ සියලු රඟ දැක්වීම් බලාගෙන ඉන්නේ අද ඊයේ ඉදන් නෙවෙයිනේ වසර 70ක් මාරුවෙන් මාරුවට මේ රඟ දැක්වීම් බලාගෙන හිටියා. දැන් මේ රටේ ජනතාවට තේරෙනවා. නොතේරෙන ජනතාවක් කියලා අපි විශ්වාස කරන්නේ නැහැ.හොරා කවුද වංචනිකයන් කවුද කියලා දැන් තේරෙනවා. දුශිතයා කවුද කියලා තේරෙනවා. යන ක්‍රමය හරි නැහැ කියලා තේරෙනවා. ආර්ථිකය කඩන් වැටිලා කියලා තේරෙනවා. කෘෂිකර්මාන්තය ඉවරයි කියලා තේරෙනවා. සදාචාරය, සංස්කෘතිකය වළපල්ලට ගිහිල්ලා කියලත් තේරෙනවා. අපේ රටට සෑහෙන්න විපතක් වෙලා කියලා තේරෙනවා. තේරී තේරී දැන් ජනතාව මොකද කරන්නේ හොඳම හොරා හොයනවා. හොඳම හොරා හොයලා ජන්දය දෙනවා. මෙන්න මේක නවත්තන්නේ නැතුව මේ ආටක නාටක විගඩම් නවත්තන්න පුළුවන්කමක් නැහැ.”
Comments by IntenseDebate
Posting anonymously.
"සිරිසේන හොරු අල්ලන්න ඇවිත් අල්ලපු හොරෙක් නැහැ" - සමන්ත විද්‍යාරත්න
2018-07-05T08:47:00+05:30
Gossip Lanka Hot News
slide|