විජයකලාගේ ප‍්‍රකාශයෙන් පසු උතුර ඇවිලේ… කලු කොටි සැමරුමක් ප්‍රසිද්දියේ..

යාපනය වැල්වටිතුරෙයි ප්‍රදේශයේදී ස්ථාන දෙකකදී ඊයේ (05) ත්‍රීකුණාමලයෙන් පැමිණි හිටපු කොටි සාමාජිකයින් පිරිසක් විසින් කලු කොටි දිනය සමරා පහන් දැල්වීමට පියවර ගෙන තිබූ බවට වැල්වැටිතුරෙයි පොලීසිය කියා සිටියේය.

ත්‍රීකුණාමලයේ ක්‍රියාත්මක පුනරුත්තාපනය වූ දෙමළ විමුක්ති පක්ෂයේ
කන්දසාමි ඉන්දරාසා නැමත්තාගේ ප්‍රධානත්වයෙන් යුත් පිරික් විසින් වැල්වැටිතුරෙයි කුමරප්පා ස්මාර්කය අසල හා එම ස්මාර්කය අසල පිහිටි බස්නැවතුම්පල ඉදිරිපිටදී ඊයේ සවස මෙම පහන් දැල්වීම සිදු වී ඇත.

පුනරුත්තාපනය වූ දෙමළ විමුක්ති පක්ෂය නමින් බැනරයක ලියා මිය ගිය කලු කොටි සාමාජිකයින්ගේ ඡායාරූපද සමග කලු කොටි සාමාජික මිල්ලර් නැමත්තාගේ මරණය සිහිකරමින් මෙම සැමරුම සිදු කොට ඇත.

1987 වසරේ ජුලි මස 05 වනදා යාපනය නෙල්ලියඩි ප්‍රදේශයේදී පිහිටි යුද හමුදා කඳවුරක් වෙත මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමේදී මිය ගිය කැප්ටන් මිල්ලර් නොහොත් වල්ලිපුරම් වසන්තන්ගේ මිය යාම වෙනුවෙන් එම වසරේ සිට යුද්දය අවසන් වන තුරු සෑම වසරකම සිහිකිරීමේ උත්සව පවත්වනු ලැබීය.

කලු කොටි සැමරුම යනු කුමක්ද

1987 වසරේ ජුලි මස 05 වනදා යාපනය නෙල්ලියඩි ප්‍රදේශයේදී පිහිටි යුද හමුදා කඳවුරක් වෙත මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමේදී මිය ගිය කැප්ටන් මිල්ලර් නොහොත් වල්ලිපුරම් වසන්තන්ගේ මිය යාම වෙනුවෙන් එම වසරේ සිට යුද්දය අවසන් වන තුරු සෑම වසරකම සිහිකිරීමේ උත්සව පවත්වනු ලැබීය.

යාපනය නෙල්ලියඩි මහාවිද්‍යාලයේ එවකට තිබූ යුද හමුදා කඳවුර කොටි සංවිධානයට මහත් හිස රදයක් විය මේ හේතුවෙන් අදාල කඳවුරට දැවන්ත ප්‍රහාරයක් එල්ල කිරීමට කොටි සංවිධනය සැලසුම් කළ අතර එහිදී ජල බවුසරයකට හැකි තාක් පුපුරණද්‍රව්‍ය සවි කොට නෙලිල්යඩි යුද හමුදා කඳවුරේ පිවිසුම් දොරටුවට කඩා වැදී පුපුරවා හරිනු ලබන්නේ මේ මිල්ලර් නැමති කලු කොටි සාමාජිකයාගේ ප්‍රධානත්වයෙනි අදාල පිපිරීමත් සමග පිටුපසින් පැමිණි කොටි සාමාජිකයින් විසින් අදාල යුද හමුදා කඳවුරට ප්‍රති ප්‍රහාර එල්ල කරමින් කඳවුර අතපත් කරගත් අතර එහිදී මිල්ලර්ගේ මරණයෙන් පසුව ඔහු කලු කොටි සංවිධානයේ මිය ගිය පළමු සාමාජිකයා වශයෙන් කොටි සංවිධානය හඳුන්වනු ලැබූ අතර ඔහු කැප්ටන් දක්වා උසස් කිරීමටද කොටි නායක ප්‍රභාකරන් පියවර ගෙන තිබුණි.

එමෙන්ම කලු කොටි සංවිධානයේ ලාංචනයේද ඇත්තේ මිය ගිය මිල්ලර් නැමත්තගේ රුවය මේ හේතුවෙන් 1987 වසරේ සිට 2009 වසර දක්වාම කල් කොටි සාමාජිකයින් ඇතුලු කොටි සංවිධානය සෑම වසරකම ජුලි මස 05 වනදා කලු කොටි දිනය වශයෙන් හඳුන්වා මිය ගිය මිල්ලර් සිහිකිරීම සිදු කරනු ලැබුණි.

– වන්නි රොමේෂ් මධුෂංඛ


gossip lanka