දුම්රිය අනතුරෙන් තුවාල වු අයට වන්දියක්

පොල්ගහවෙල, පනලිය ප්‍රදේශයේදී සිදුවූ දුම්රිය අනතුරෙන් තුවාල ලැබූවන්ට වන්දි ලබාදීමට කටයුතු කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුවේ ගිණුම් අංශයේ නිළධාරීන්ට ඊට අදාළ උපදෙස්
ලබාදී ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරී එස්.එම් අබේවික්‍රම මහතා සඳහන් කළේය.

ඔවුන්ට ලබාදිය හැකි උපරිම වන්දි මුදල් ලබාදීමට කටයුතු කරන බව ඔහු පැවසුවේ.

මේ අතර අදාළ දුම්රිය අනතුර හේතුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට සිදුව ඇති පාඩුව ගණනය කිරීමට , අනතුර පිළිබඳ සොයාබැලීමට පත් කළ විශේෂ කමිටුවට උපදෙස් ලබාදී ඇති බව වාර්තා වේ.


gossip lanka