එම උසස්‌වීම්වලට අදාළව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා
ලබාදෙන උපදෙස් මත කටයුතු කරන බවද එම කොමිෂන් සභාව දැනුම්දී ඇත.
දේශපාලන පළිගැනීම් සහන කමිටු නිර්දේශ මත සේවා ව්‍යවස්‌ථා උල්ලංඝනය කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය මෙම උසස්‌වීම් ලබාදීම සඳහා දැඩි උත්සාහයක් ගත් නමුත් එම තැනැත්තන්ගේ තොරතුරු යළි පරීක්‍ෂා කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කිරීම නිසා උසස්‌වීම් දීමේ ක්‍රියාවලිය අත්හිටුවීමට අධ්‍යාපන අමාත්‍යාංශයට සිදුවිය.
පෞද්ගලික ලිපිගොනු පරීක්‍ෂා කර නැහැ :
මෙම උසස්‌වීම් නිර්දේශ කිරීමේදී අධ්‍යාපන අමාත්‍යාංශය එම තැනැත්තන්ගේ පෞද්ගලික ලිපිගොනු හෝ පරීක්‍ෂා කර නොතිබූ බවත් පෞද්ගලික ලිපිගොනු පරීක්‍ෂා කරන ලෙස රාජ්‍ය සේවා කොමිෂන් සභාව කළ දැනුම් දීමද නොතකා හැර ඇති බවත් හෙළිවී ඇත.
මෙම උසස්‌වීම් ලබා දීමට එරෙහිව අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ සියලුම වෘත්තීය සංගම් ඒකාබද්ධව පසුගිය 26 වැනිදා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ වෘත්තීය ක්‍රියා මාර්ගය අත්හිටුවනු ලැබුවේ එම සංගම් නියෝජිතයන් ජනාධිපතිවරයා සමග පැවැති සාකච්ඡාවකින් පසුවය.
මෙම සාකච්ඡාවේදී ජනාධිපතිවරයා දැනුම් දුන් පරිදි උසස්‌වීම් නිර්දේශිත පුද්ගලයන්ගේ තොරතුරු පරීක්‍ෂා කෙරෙන කමිටුව ඉදිරියේදී පත් කිරීමට නියමිතය.
(දිවයින)