පර්පෙචුවල් ට්‍රේෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝෂියස් සහ එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන යන අය තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
ඔවුන් අගෝස්තු මස 09 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත
කිරීමටයි අධිකරණය නියෝග කර ඇත.
මේ අතර ප්‍රධාන අලෙවි නිලධාරී නුවන් තිලිණ සල්ගාදු සහ තොරතුරු තාක්ෂණ ජේයෂ්ඨ විධායක සචිත්‍ර මධුශංක දේවතන්ත්‍රි යන අයව ඇප මත නිදහස් කිරීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
අද (02) ප්‍රධාන අලෙවි නිලධාරී නුවන් තිලිණ හා තොරතුරු තාක්ෂණ ජේයෂ්ඨ විධායක සචිත්‍ර මධුශංක දේවතන්ත්‍රි යන අයව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී තිබේ.
එසේම මොවුන්ට විදෙස් ගමන් තහනමක් පැනවීමටද අධිකරණය නියෝග කර තිබේ.
ඇලෝසියස් හා කසුන් යළි රක්ෂිත බන්ධනාගාරයට
2018-08-02T17:10:00+05:30
Gossip Lanka Hot News
slide|