1994 වසරේදී ඉන්දියාවේ ලක්නව් නුවරදී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවති ටෙස්ට් තරඟය එවකට නායක අර්ජුන රණතුංග සහ උප නායක අරවින්ද ද සිල්වා මුදලට පාවා දුන් බවට හිටපු ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල පසුගියදා චෝදනා කළා.
නමුත් මේ සිද්ධිය පිළිබඳව සොයා බලන්නට 2001 වසරේදී එවකට ක්‍රිකට් සභාපති වූ තිලංග සුමතිපාල විසින් නීතිඥ ඩෙස්මන්ඩ් ප්‍රනාන්දු මහතාගෙන් යුත් ඒක පුද්ගල කමිටුවක් පත් කළා.
එම පරීක්ෂණ වාර්තාව ඉදිරිපත් කරමින් ඩෙස්මන්ඩ් ප්‍රනාන්දු මහතා හෙළිකළේ අර්ජුන සහ අරවින්ද මේ චෝදනාවට වැරදිකරුවන් නොවන බවත් ඔවුන් නිර්දෝෂී බවත්ය.
ඔහු මේ වාර්තාව සැකසීම සදහා ඉන්දියාව සහ එංගලන්තය ඇතුළු රටවල් කිහිපයක සංචාරය කර කල ඩෙස්මන්ඩ් ප්‍රනාන්දු මහතා එම වාර්තාව සැකසීම සදහා මාස කිහිපයක කාලයක් ගත කර තිබෙනවා.
නමුත් ඔහුට එම වාර්තාව සැකසීමේදී චෝදනාවට ලක්වන ඉන්දීය බුකීකරුවා වන මුකේෂ් ගුප්තා ප්‍රශ්න කර නැහැ.
අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී යාම සදහා අර්ජුන සහ අරවින්ද මුදල් ලබාගත් බවට චෝදනා එල්ල වී තිබු අතර ඔවුන් මෙම කමිටුව හමුවේ ප්‍රකාශ කර තිබුනේ ඉන්දීය විනිසුරුවන්ගේ දුර්වල තීන්දු හේතුවෙන් එසේ දැවී ගිය බවයි.
කෙසේ වෙතත් තිලංග සුමතිපාල 2001 වසරේදී සභාපති ලෙස ක්‍රියා කරන අවධියේදී ඔහුගේ කමිටුව විසින් චෝදනාවලින් නිදහස් කල අර්ජුන සහ අරවින්ද වසර 17කට පසු යලි වැරදිකරු වුනේ කෙසේ දැයි බරපතල ගැටලුවක්.
මේ අතර තිලංග සුමතිපාලගේ ප්‍රකාශයට පිළිතුරු ලබා දීම සඳහා ඊයේ විශේෂ මාධ්‍ය හමුවක් කැඳවීමට අර්ජුන රණතුංග සහ අරවින්ද ද සිල්වා ක්‍රියා කර තිබුණා.
එහි දී ඔවුන් දෙදෙනාම තිලංග සුමතිපාලගේ ප්‍රකාශය දැඩි ලෙස ප්‍රතික්ෂේප කරනු ලැබුවා.
ICCයෙන් තමන් දෙදෙනාව එවකට නිදොස් කොට නිදහස් කළ බව රටම දන්නා කාරණාවක් බවයි ඔවුන් එහි දී පැවසුවේ.
ඈත අතීතයක දී එල්ල වූ මෙම චෝදනාව යළි මතු කිරීමට ඇති හේතුව තමන් නොදන්නා බවත් ඇතැම්විට සිය මිතුරා වන අර්ජුන දේශපාලනඥයෙක් වීම එයට හේතුව වනු ඇති බවත් අරවින්ද ද සිල්වා සඳහන් කළා.
තමන් දේශපාලනඥයින්ගේ ප්‍රකාශ කිසිසේත්ම ගණන් නොගන්නා පුද්ගලයෙකු බව ද ඔහු අවධාරණය කළා.
එමෙන්ම අරවින්ද ද සිල්වා වැඩිදුරටත් සඳහන් කළේ තේරීම් කමිටුවේ සේවය කළ තමාට උප සභාපති වෙන ලෙස තිලංග සුමතිපාල විසින් වරින් වර ඉල්ලීම් කළ බවයි.
තිලංග සුමතිපාල අද සිදුකරන චෝදනාව සත්‍යයක් නම් එවකට එලෙස ඉල්ලීම් නොකළ යුතුව තිබූ බවයි අරවින්ද ද සිල්වා අවධාරණය කළේ.
කුමන තරාතිරමක පුද්ගලයෙකුට වුව ද තමා “Yes” කියන්නෙකු නොවන බවත් එය ජනාධිපතිවරයාට පවා අදාළ බවත් ඔහු ප්‍රකාශ කළා.
තමා තේරීම් කමිටු සාමාජිකයෙකු බවට පත් වූ පසු එම තනතුරට අදාළ වැටුප පවා ප්‍රතික්ෂේප කළ බව හෙළි කළ අරවින්ද ද සිල්වා, එය ඔප්පු කිරීම සඳහා අදාළ ලිපි ගොණු ද මාධ්‍ය හමුවේ ඉදිරිපත් කළා.
තමාට ජීවත් වීමට අව්‍යශ තරම් මුදල් තමා සතුව පවතින බවත් එම නිසා තමා කිසිවෙකුට හිස නොනමන බවත්, කීමට ඇති දේ මුහුණටම කියන බවත් අරවින්ද අවධාරණය කළා.
එමෙන්ම අර්ජුන රණතුංග ප්‍රකාශ කළේ ‘අපතයින්’ගේ ප්‍රකාශ තමා කිසිසේ්ත්ම ගණන් නොගන්නා බවයි.
ඡන්ද පදනමකින් තොරව පස්සා දොරවල්වලින් දේශපාලනයට පැමිණ ආණ්ඩු පෙරළීමට උත්සහ දරන අපතයෙකු සඳහා නාස්ති කිරීමට කාලයක් තමා සතුව නොමැති බවත්, තමාට ඊට වඩා ලොකු වැඩ කොටසක් ඇති බවත් ඔහු පෙන්වා දුන්නා.
එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලයක් නොදරන තිලංග සුමතිපාල පසුගිය දා පැවැති එක්දින තරගයට ප්‍රථම දඹුල්ල ක්‍රීඩාංගණයේ තණතීරුව නිරීක්ෂණය කිරීමට ගොස් ඇති අයුරු මාධ්‍ය වාර්තා කළ අතර ඒ පිළිබඳව ද අර්ජුන රණතුංග අදහස් පළ කළා.
එහි දී ඔහු කියා සිටියේ, සුමතිපාලගේ නිරීක්ෂණයෙන් අනතුරුව ඔට්ටු ඇල්ලීමේ ප්‍රතිශතය වෙනස් වූ බවට වාර්තා වූ බවයි.
තිලංගගේ රෙදි ගැලවෙයි! අර්ජුන සහ අරවින්ද ලුණු ඇඹුල් ඇතිව ඇත්ත හෙළිකරයි (video)
2018-08-01T09:36:00+05:30
Gossip Lanka Hot News
slide|