සංහිඳියා කාර්යාංශයේ නාට්‍යයටත් තහංචියක් !

රැඟුම් පාලක මණ්ඩලයේ අනුමැතියට යටත්ව ජාතික සමගිය හා සංහිඳියා කාර්යාංශය මගින් රඟ දැක්වීමට නියමිත වේදිකා නාට්‍ය කිහිපයක් තහනම් කිරීමට බුද්ධශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පියවර ගෙන ඇත.

සිංහල රාවය සංවිධානයේ මහලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් කියා සිටියේ තමන් අමාත්‍යවරයාගෙන් සිදුකළ ඉල්ලීමකට අනුව මෙම
නාට්‍ය තහනම් කිරීමට පියවර ගෙන ඇති බවයි.

මේ සම්බන්ධයෙන් 'හිරු' ගුවන් විදුලිය බුද්ධශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම මහතා ගෙන් කළ විමසීමකදී ඔහු පවසා ඇත්තේ, මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට සහ අමාත්‍යාංශ ලේකම්වරයා ද දැනුවත් කර ඇති බවයි.

බුදු දහමට මහා අපහාසයක්

මේ අතර මෙම ජාතික සමඟිය හා සංහිඳියා කාර්යාංශය මගින් ප්‍රචාරය කිරීමට නියමිත ගුවන් විදුලි නාට්‍ය මාලාවකින්  බුදු දහමේ හරයන්ට හානි සිදුවන බවට පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් ද ඊයේ චෝදනා කළහ.

චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිනියගේ ප්‍රධානත්වයෙන් පවතින ජාතික සංහිඳියා හා ඒකාබද්ධතා කාර්යාලයේ විසින් බුදු දහම විකෘති කරමින් හා අපහාස කරමින් නාට්‍ය කිහිපයක් නිර්මාණය කර ඇති බව උන්වහන්සේ කියා සිටියේ, ඇඹිලිපිටියේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

එම නාට්‍ය මාලාව ‘කණේ පහර’ නමින් නම් කර ඇති බවද සඳහන් කළ උන්වහන්සේ, එම කාර්යාලයේ නිල වෙබ් අඩවිය මගින් ද අදාල නාට්‍ය සම්බන්ධයෙන් කර ඇති හැඳින්වීමද බුදු දහමට අපහාස වන ආකාරයේ ප්‍රකාශන අඩංගුව ඇති බව සඳහන් කළහ.

වීඩියෝ

gossip lanka