ශ්‍රී ලංකාව හා සිංගප්පූරු වෙළඳ ගිවිසුමට අදාළ වන පරිදි භාණ්ඩ වර්ග හාරදහසකට ආසන්න ප්‍රමාණයක් තීරු බද්දෙන් නිදහස් කර හොර රහසේ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බව ඒකාබද්ධ විපක්ෂය පවසයි.
අද (14) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒකාබද්ධ විපක්ෂය
නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා මේ බව ප්‍රකාශ කළේය.
සෑම වර්ෂක මැද භාගයේදී වසරේ මැද රජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කළ යුතු බවත් එය තමා සුපරික්ෂාකාරීව අධ්‍යයනය කළ බවද ඒ මහතා පැවසීය.
එම අධ්‍යයනයේදී එම වාර්තාවේ දක්වා ඇති පරිදි සිංගප්පූරු ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම යටතේ රේගු සංයෝජිත වර්ගීකරණ 3539 ක ආනයන තීරුබදු ඉවත් කර ඇති බවට ගැසට් පත්‍රයක් පළ කර බවට එම වාර්තාවේ දක්වා ඇති බව ඒ මහතා ප්‍රකාශ කළේය.
මෙම ගැසට් නිවේදනය සොයා ගැනීම සඳහා තමා පාර්ලිමේන්තු පුස්තකාලයෙන් විමසූ බවත් එසේම ගැසට් පත්‍රය වෙබ් අඩවියේ ඇති දැයි සොයා බැලීමේදී අදාල ගැසට් නිවේදනය සහිත අංකට එහි තිබුනද ගැසට් නිවේදනයේ විදි විධාන කිසිවක් එහි දක්වා නොමැති බවද බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා පැවසීය.
එසේම පාර්ලිමේන්තුව හරහා රජයේ මුද්‍රණාලාධිපතිගෙන් අදාළ ගැසට් නිවේදනය පිළිබඳ විමසූ බවත් එහිදී ඔවුන් පැහැදිළි පිළිතුරක් ලබා නොදී මගහැරි බවද ඒ මහතා පැවසීය.
ලේඛණ සභාගත කිරීමෙන් අනතුරුව තබන ලිපි ගොණුව පරික්ෂා කිරීමේදී ජූලි මස 21 වන දින අදාළ ගැසට් පත්‍රය සම්මත වූ බවට වන ලිපිගොනුවේ තිබී හමුවූ බව ඒ මහතා ප්‍රකාශ කළේය.
මේ සම්බන්ධයෙන් තමා අදාළ අංශයෙන් විමසූ බවත් එහිදී ගැසට් නිවේදන 350 ක් එදින ලැබුණු බවත් එහෙත් ඒකාබද්ධ විපක්ෂයේ කිසිවෙකුට මෙම ගැසට් පත්‍රය ලැබී නොමැති බව ඒ මහතා පැවසීය.
මෙම ගැසට් පත්‍රය විපක්ෂ නායකවරයාට හා විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා වෙත ලැබිය යුතු බවත් එසේ ලැබුණේ නම් ඔවුන් ප්‍රකාශ කළ යුතුව තිබූ බවද බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
කෙසේ නමුත් විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා වෙත මෙය ලැබුණා නම් ආණ්ඩුවට විරුද්ධව සටනක් දියත් කරන බවද ඒ මහතා පැවසීය.
ඒ අනුව එතුමාටද නොලැබී ඇති බවත් එසේ ලැබුණා නම් ආණ්ඩුව සමඟ කටයුතු කරන බව තහවුරු වන බවද ඒ මහතා පැවසීය.
මෙම ගැසට් පත්‍රය රේගු දෙපාර්තමේන්තුවටද සම්පූර්ණ වශයෙන් ලැබී නොමැති බව වාර්තා වූ බවත් එහෙත් සමහර භාණ්ඩ තීරු බද්දෙන් නිදහස් කර ඇති බවද ඒ මහතා පැවසීය.
මේ වන විට පස් සමඟ රත්‍රං කවලම්කොට ප්‍රති අපනයනය කිරීමේ ජවාරමක් සිදුවන බවත් ඉහළ අංශවල මැදිහත්වීමෙන් පරීක්ෂණ යට ගැසී ඇති බවද ඒ මහතා පැවසීය.
මෙය ජාතික අපරාධයක් බවත් මෙවැනි පාවාදීමක් 1815 කන්ද උඩරට ගිවිසුමෙන්ද සිදු වී නොමැති බව බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
ශ්‍රී ලංකා සිංගප්පූරු ගිවිසුම හරහා කැලි කසල ආනයනය කිරීමටත් ආනයනය කලායින් පසු ඒ සඳහා ආයෝජනය කිරීමටත් ආයෝජනය කිරීමෙන් අනතුරුව සේවා සැපයීමටද ගිවිසුමේ විදි විධාන තිබෙන බව ඒ මහතා පැවසීය.
මෙම ගිවිසුමට අදාළ ගැසට් නිවේදනය පිළිබඳ ජනාධිපතිවරයාගේ අවධානය යොමු කර පත් කරන ලද කමිටුවේ වාර්තාව එන තෙක් ගැසට් නිවේදනය අත්හිටුවීමේ නිවේදනය නිකුත් කරන ලෙස ඉල්ලා සිටින බවද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
සිංගප්පූරු ගිවිසුමට අදාළ ගැසට් එක හොර පාරෙන් සම්මත වූ හැටි බන්දුල හෙළි කරයි
2018-08-14T15:26:00+05:30
Gossip Lanka Hot News
slide|