බස් රථවල කංකරච්චලේ ඉවරයි.. රූපවාහිනි සවිකිරීම තහනම් කරයි..

නැගෙනහිර පළාත් මාර්ගස්ථ මගි ප්‍රවාහන අධිකාරිය විසින් මගී ප‍්‍රවාහනයේ යෙදෙන බස් රථවල රූපවාහිනි සවිකිරීම තහනම් කර තිබේ.

මේ සම්බන්දයෙන් සිය ප‍්‍රසාදය පල කරන බවත් එම තීරණය
සතුටුදායක බවත් කොළඹ දිස්ත්‍රික් බස් මගීන්ගේ සංගමය සදහන් කරයි.

ඔවුන් පෙන්වා දෙන්නේ බස් රථයේ ඇති රූපවාහිනි යන්ත්‍රය නිසා රියදුරාගේ අවධානය බිදීමෙන් අනතුරු සිදුවිය හැකි බවත් සමහර දර්ශන නිසා මගීන් අපහසුතාවයට පත්වන බවත්ය.

මෙම තීරණය තවත් පුළුල් විය යුතු යයිස පවසන එම සංගමයේ මේ සම්බන්දයෙන් බස්නාහිර පළාත් මාර්ගස්ථ මගි ප්‍රවාහන අධිකාරිය සමගින් සාකච්චා කිරීමට අදහස් කර සිටින බවද කියා සිටී.

විමුක්ති දුෂාන්ත,
කැඳවුම්කරු,
කොළඹ දිස්ත්රික් බස් මගීන්ගේ සංගමය
gossip lanka