රථවාහන සඳහා හඳුන්වා දී ඇති නව දඩ ගාස්‌තු ක්‍රමයට විරෝධය පළ කිරීමට පෞද්ගලික බස් රථ සේවක සංගමය හෙට (15දා) මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව එම සංගමය පවසයි.
එහි සංවිධායක කුමාරරත්න රේණුක මහතා සදහන් කළේ, වර්ජනය
සඳහා බවුසර් සහ බහාලුම් රියෑදුරන්ගේ සහායද හිමි වන අතර කොළඹ නගරයේ ධාවනය කෙරෙන සියලුම ත්‍රිරෝද රථ රියෑදුරන්ගේ සහාය හිමි වන බවයි.
දඩ ගාස්‌තු ඉහළ දැමීම නිසා රියෑදුරන් අපහසුතාවට ලක් වීමට එරෙහිව මෙම වර්ජනය ක්‍රියාත්මක කරන අතර රියෑදුරු බලපත්‍රයක් හිමි සෑම රියෑදුරකුම මෙම වර්ජනයට සහාය දෙනු ඇතැයි පැවසූ කුමාර රත්න මහතා රියෑදුරු වෘත්තිය අනතුරේ යන මැයෙන් මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බවද කියා සිටියේය.
නව දඩ එපා ! පෞද්ගලික බස්රථ සේවකයෝ හෙට සිට වර්ජනයේ… බවුසර්, ත්‍රීරෝද රියදුරොත් එක්වෙයි
2018-08-14T14:08:00+05:30
Gossip Lanka Hot News
slide|