බස් වර්ජනය අදත්

රට පුරා පෞද්ගලික බස් රථවල සේවකයින් අදත් වැඩවර්ජනය කරන බව ලංකා පෞද්ගලික ප‍්‍රවාහන සේවක සංගමය පවසනවා. ඔවුන් මෙම වැඩවර්ජනය කැඳවා ඇත්තේ රථ වාහන වැරදි සම්බන්ධයෙන් වැඩි කෙරුණු ස්ථානීය දඩ වලට විරෝධය පළ කරමින්.

තී‍්‍රරෝද රථ රියදුරන් සහ තවත් පාර්ශව කිහිපයක්ද මෙම වැඩවර්ජනය
සඳහා තමන් සමග එක්වන බව ඔවුන් කියා සිටියා.

සිය ඉල්ලීම් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් ලබා දීමෙන් පමණක් මෙම වැඩවර්ජනය අවසන් කළ හැකි බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

මේ අතර මගීන්ට සිදුවන පීඩා අවම කිරීම සඳහා ඊයේ මෙන්ම අදත් අතිරේක සේවා සිදු කරන බව ශී‍්‍ර ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා.

රජයේ දත්ත වලට අනුව දෛනිකව බස් රථවල ගමන් ගන්නා මගීන් ගණන ලක්ෂ 100කට ආසන්නයි. ඔවුන්ගෙන් ලක්ෂ 75ක් පමණ මගීන් පෞද්ගලික බස් රථවල ගමන් කරනවා.

gossip lanka

Related Posts:

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by