දුම්රිය වැටුප් ගැටළුව ගැන කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලයට

දුම්රිය වැටුප් ගැටළුව සම්බන්ධයෙන් කැබිනට් පත්‍රිකාවක් අමාත්‍ය මණ්ඩලයට අද (14) දිනයේ ඉදිරිපත් වූ බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

ඒ අනුව එම පත්‍රිකාව අධ්‍යනය කිරීම සඳහා සතියක කාලයකට කල්
තැබුණු බව අමාත්‍යවරයා සඳහන් කළේය.

අමාත්‍ය මණ්ඩල රැස්වීම අද උදෑසන 09.30 ට පමණ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්විය.

එහිදී අදාල කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් වූ බව අමාත්‍යවරයා සඳහන් කළේය.

වැටුප් විෂමතා ගැටළුවක් මුල් කර ගනිමින් දුම්රිය රියදුරන්, නියාමකවරුන්, ස්ථානාධිපතිවරුන් සහ පාලකවරුන් පසුගිය සතියේ දින 05 කට ආසන්න කාලයක් වැඩ වර්ජනයක නිරත වු අතර ජනාධිපතිවරයා ලබා දුන් පොරොන්දුවකට අනුව වර්ජන ක්‍රියාමාර්ගය අත් හැරීමට ඔවුන් පියවර ගත්තේය.

මේ අතර සිය වැටුප් ගැටලුව සම්බන්ධයෙන් අමාත්ය  මණ්ඩල රැස්වීමේදී ගෙන ඇති තීන්දු තීරණ සලකා බලා ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබද විධායක කමිටුව රැස්වී සාකච්ඡා කරන බව දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා අද දෙරණට සඳහන් කළේය.


gossip lanka