ලංකාවේ මුදල් අච්චුගැසීමේ මහා කොන්ත‍්‍රාතුව චීනයට දුන් බව චීනය කියයි.. මහ බැංකුව නෑ කියයි.. මේ ඇදෙන්නේ මහා මංකොල්ලයක සුලමුලද..

ශ්‍රී ලංකාව හා තවත් රටවල් කිහිපයක මුදල් නොට්ටු මුද්‍රණය කිරීම සදහා ඇණුවුම් තම රජයේ මුදල් මුද්‍රණ ආයතනයට ලැබී ඇති බව චීන මාධ්‍ය වාර්තා කර ඇත.

රටවල් ගණනාවක මුදල් නෝට්ටු මුද‍්‍රණය සදහා ඇණැවුම් ලැබී ඇති බව
චීනයේ බැංකු නෝට්ටු මුද්‍රණ ආයතන සභාපති ලී ගුයිෂෙන්ග් සදහන් කර ඇත්තේ චීනයේ මහ බැංකුව විසින් ප‍්‍රකාශයට පත් කරන මාසික සඟරාවකයි.

ශ්‍රී ලංකාව මෙන්ම බංග්ලාදේශයල, බ‍්‍රසීලය, නේපාලය, මැලේසියාව යන රටවල්ද මෙසේ මුදල් නෝට්ටු මුද‍්‍රණය කිරීමට ලබා දී ඇති බව සදහන් වෙයි.

ලොව ඇති විශාලතම මුදල් නෝට්ටු මුද්‍රණ ආයතනය වන්නේද චීන බැංකු නෝට්ටු මුද්‍රණ ආයතනයයි.

කෙසේ වෙතත් මේ ගැන අදහස් පල කරන ශ්‍රී ලංකා මහ බැංකුව සදහන් කරන්නේ ශ්‍රී ලංකාවට අවශ්‍ය කිසිදු මුදල් චීනයේදී මුද්‍රණය කිරීමක් සිදු නොවන බවත් එරට මුදල් නෝට්ටු මුද්‍රණ ආයතනය සමගින් කිසිදු සබඳතාවක් නැති බවත්ය.


gossip lanka