අලව්ව ප‍්‍රාදේශීය සභාවට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග කළ මන්තී‍්‍ර අපේක්‍ෂකයෙකු සහ පොලිස් නිලධාරියෙකු අතර අධිවේගී මාර්ගයේ කොතලාවල පිවිසුමේදී ගැටුමක් හටගෙන තිබෙනවා. ඒ, මාර්ග නීති උල්ලංගණය කරමින් ධාවනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්.
ඒ බව මන්තී‍්‍ර අපේක්‍ෂකයාට දැනුම්දීමත් සමග ඔහු සහ අදාළ පොලිස්
නිලධාරියා අතර බහින්බස්වීමක් හටගෙන තිබුණා. ඉන් පසුවයි එය ගැටුමක් දක්වා දුරදිග ගොස් ඇත්තේ. සිද්ධියෙන් පසු දෙදෙනාම ප‍්‍රතිකාර සදහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් වී ඇති බව වාර්තාකරු සදහන් කළා.
මූලික පරීක්‍ෂණයේදී අනාවරණ වී ඇත්තේ මන්තී‍්‍ර අපේක්‍ෂකයා පොලිස් නිලධාරියාට පහරදී ඇති බවයි. ඉකුත්දා පැවති මැතිවරණයෙන් සැකකාර අපේක්‍ෂකයා පරාජයට පත් වුණා.
ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍ර අපේක්‍ෂකයෙක් සහ පොලිස් නිලධාරියෙක් අතර අධිවේගී මාර්ගයේදී ගැටුමක්
2018-08-17T17:13:00+05:30
Gossip Lanka Hot News
slide|