ඌව පළාත් සභාවේ ජනතා විමුත්ති පෙරමුණ මන්ත‍්‍රීවරුන් දෙදෙනා හැර අනෙක් මන්ත‍්‍රීවරුන් තිස් දෙදෙනාම රුසියාවේ සංචාරයක නිරතවීමට සැලසුම් කළද එම සංචාරය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනගේ නියෝගයෙන් නතරවී ඇතැයි ඌව පළාත් සභාවේ සභා නායක මේජර් සුදර්ශණ දෙනිපිටිය පවසනවා.
රුසියාවේ මාර්ග සංවර්ධන අධ්‍යයන චාරිකාවක් සදහා බව පවසමින් ඌව
පළාත් සභවේ මන්ත‍්‍රීවරුන් තිස් හතර දෙනාම රුසියාවේ සංචාරයක නිරතවීමට සැලසුම් කළ ද ඌව පළාත් සභාව මෙ වන විට මුහුණ පා ඇති දැඩි මූල්‍ය අර්බුධකාරී තත්වය මත මෙම සංචාරයේ නිරතවීමට ජනතා විමුක්ති පෙරමුණ මන්ත‍්‍රීවරුන් දෙදෙනා කටයුතු නොකළ අතර ඔවුන් දෙදෙනා මෙම චාරිකාවට දැඩි විරෝධය ද පළ කළා.
කෙසේ වෙතත් මේ වන විට මෙම සංචාරය නතර කිරීම සඳහා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන උපදෙස් දීම මත කිසිදු මන්ත‍්‍රීවරයෙකු මෙම සංචාරයේ නොයෙදෙන බවත් පළාත් සභාවේ ජ්‍යෙෂ්ඨයෙක් මෙම සංචාරය සැළසුම් කළ බවත් ඌව පළාත් සභාවේ සභා නායක මේජර් සුදර්ශණ දෙනිපිටිය පවසා තිබෙනවා.
චාමර ඇතුළු පිරිසගේ රට සවාරිය නවතියි
2018-08-20T08:33:00+05:30
Gossip Lanka Hot News
slide|