මාලගමුව ඝාතන තැත ගැන බෙවන් පෙරේරාගෙන් ප්‍රශ්න කරයි

ප්‍රවීණ මෝටර් රථ ධාවන ක්‍රීඩකයකුවන ඩිලන්ත මාලගමුව මහතා ඝාතනය කිරීමේ සැලැස්ම සම්බන්ධයෙන් පෑලියගොඩ පොලිසියේ කණ්ඩායමක් කැළණියේ හිටපු එජාප  සංවිධායකවරයකුවූ බෙවන් පෙරේරා මහතාගෙන් පැයකට ආසන්න කාලයක් ප්‍රශ්න කර ඊයේ (16) ප්‍රකාශයක් ලබා ගත්තේය.

පෑලියගොඩ පොලිසියෙන් කරුණු දැනුම් දීමක් අනුව ඔහු පොලිසිය
හමුවේ පෙනි සිටියේය.

මේ ඝාතන සැලැස්ම පිළිබඳව තොරුතුරු හෙළිවී තිබුණේ වෙනත් අපරාධ සිද්ධියකට මාතරදී අත්අඩංගුවට ගැනුණු පාතාල සාමාජිකයකුගෙන් ප්‍රශ්න කිරීමේදීය.

මේ සම්බන්ධයෙන් මාතර කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගෙන්ද වාර්තාවක් ගැනීමට කටයුතු කරගෙන යන බව පළාත් උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

නාවලපිටිය ප්‍රදේශයේ මාලගමුව මහතාට අයිති ඉඩමක් ප්‍රදේශීය දේශපාලඥයකු විසින් බලහත්කාරයෙන් අල්ලා ගෙන තිබූ බවත් මේ පිළිබඳව මාලගමුව මහතා දිගින් දිගටම කටයුතු කිරීම නිසා ඔහු ඝාතනය කිරීමට මෙසේ සැලසුම් කර තිබූ බවත් තොරතුරු ලැබී ඇතැයි පොලිසිය කියයි.

දැනට හිරේට නියමවී සිටින පාතාල සිරකරුවෙකු මාර්ගයෙන් මෙම ඝාතනය කිරීමට උත්සහ දරා ඇතැයි තොරතුරු හෙළිවී ඇත.


gossip lanka