දිනේෂ්ට විපක්ෂ නායකධූරය දෙන්නදැයි මහින්දගෙන් විමසලා !

පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා විපක්ෂ නායක කරන්නැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු විසින් කල ඉල්ලීම සම්බන්ධයෙන් කතානායකවරයා එම සන්ධානයේ මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ අදහස් විමසා ඊයේ (02) දින ඔහු වෙත ලිපියක් යොමු කර ඇත.

එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරු ලෙස පාර්ලිමේන්තුවට
තේරීපත් වූ තමන් නියෝජනය කරන කණ්ඩායමට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් හැත්තෑ දෙනෙකු අයත් බවත්, ඒ අනූව පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධූරය එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන දිනේෂ් ගුණවර්ධන මහතා වෙත ලබා දෙන ලෙසත් ඉල්ලා සිටිමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අට දෙනෙකු විසින් අත්සන් තබන ලද ලිපියක් 2018.07.30 දින කථානායකවරයා වෙත ඉදිරිපත් කර තිබිණ.

කිසියම් පක්ෂයකින් තේරී පත් වූ මන්ත්‍රීවරු පිරිසක් කණ්ඩායම් කිහිපයක් හෝ තනි කණ්ඩායමක් ලෙස ඒකරාශී වී තමන් මනාප මන්ත්‍රිවරයෙකුට විපක්ෂ නායක ධුරය ලබා දෙන ලෙස ඉල්ලා සිටින විටක එම මන්ත්‍රීවරුන් තේරීපත් වූ පක්ෂයේ නිල මතය කවරක් ද, යන්න විමසීමේ කථානායකවරයාගේ වගකීම වේ.

ඒ අනුව, කතානායකවරයා සන්ධානයේ මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත ලිපියක් යොමු කර ඇත්තේ, එම ලිපියේ අත්සන් තබා ඇති සියල්ලන් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් වන බැවින් අදාල ඉල්ලීම පිළිබඳව එම පක්ෂයේ නිල මතය දැන ගැනීම සඳහාය.




gossip lanka