එට්කා සාකච්ඡා දෙසැම්බරයේ අවසන්… ගිවිසුමේ වැඩි වාසිය ඉන්දියාවට…

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර අත්සන් කිරීමට නියමිත ආර්ථික හා තාක්ෂණික සහයෝගිතා ගිවිසුම (ETCA) පිළිබද සාකච්ඡා දෙසැම්බර් මාසය පමණ වන විට අවසන් කිරීමට දෙරටේ අවධානය යොමුව ඇතැයි “ඉන්දියන් එක්ස්ප්‍රස්“ වෙබ් අඩවිය පවසයි.

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර මේ වන විටත් භාණ්ඩ සම්බන්ධයෙන්
නිදහස් වෙළඳ ගිවිසුමක් පවතින අතර එම ගිවිසුම සේවා හා ආයෝජන සම්බන්ධයෙන්ද පුළුල් කිරීමට එට්කා ගිවිසුම හරහා අපේක්ෂා කරයි.

කෙසේ වෙතත් දැනට පවතින නිදහස් වෙළඳ ගිවිසුම හරහා වැඩිම ප්‍රතිලාභලයක් ලබන රට වන්නේ ඉන්දියාවයි. ඔවුන් වසරකට ඩොලර් බිලියන 4.5ක පමණ ශ්‍රී ලංකාවට අපනයනය කරන විට ශ්‍රී ලංකාවෙන් ඉන්දියාවට අපනයනය කර ඇත්තේ ඩොලර් මිලියන 773ක භාණ්ඩ පමණි.


gossip lanka