ETI මූල්‍ය සමාගම ප්‍රතිසංවිධානය කරන්න අවසර ඉල්ලා මහාඅධිකරණයට පෙත්සමක්

දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ පා සිටින ඊ.ටී.අයි. මූල්‍ය සමාගම ප්‍රතිසංවිධානය කිරීමට අවසර ලබා දෙනමෙන් ඉල්ලා එම සමාගම විසින් ගොනු කර ඇති පෙත්සමක් අගෝස්තු මස 31 දා කැඳවන ලෙස කොළඹ වාණිජ මහාධිකරණය නියම කළේය.

ඊ.ටී.අයි මූල්‍ය සමාගම විසින් ඉදිරිපත් කර ඇති එම පෙත්සමේ
වගඋත්තරකරුවන් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව සහ තවත් පාර්ශව කීපයක් නම් කර තිබේ.

පෙත්සම්කාර සමාගම වාණිජ මහාධිකරණය හමුවේ කියා සිටින්නේ තම ආයතනය ප්‍රතිසංවිධානය කිරීම සඳහා සමාගම් පනතේ 7 වන වගන්තිය යටතේ අධිකරණ නියෝගයක් ලබාදෙන ලෙසයි.

එම පෙත්සම් පිළිබඳ කරුණු සලකා බැලූ අධිකරණය ඊට අදාළ විරෝධතා තිබේනම් අගෝස්තු මස 31 වන දාට පෙර ගොනු කරන මෙන් ශ්‍රී ලංකා මහ බැංකුව ඇතුළු පාර්ශවවලට නියෝග කර තිබේ.


gossip lanka