කාලසටහන පටලවා ගැනීම හේතුවෙන් මෙවර උසස් පෙළ විභාගයේදී ඇතැම් විෂයන් සඳහා පෙනී සිටීමට නොහැකි වූ අයදුම්කරුවන්ට කිසියම් සහනයක් ලබා දිමට සලකා බලන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. අදාළ අයදුම්කරුවන්ට මෙවැනි පැටලවීමක් සිදුව ඇත්තේ එකිනෙකට පරස්පර කාලසටහන් දෙකක් විභාග දෙපාර්තමේන්තුවේ නිල
වෙබ් අඩවියෙහි පළ කර තිබීම හේතුවෙන්.
කෙසේවෙතත් නිවැරදි කාලසටහන ඇතුළත් විභාග ප‍්‍රවේශපත‍්‍රයක් සෑම අයදුම්කරුවෙකුටම ලබා දී ඇතැයිද එම කාලසටහන පරිශීලනය කළේ නම් මෙවැනි පැටලවීමක් සිදු නොවනු ඇතැයිද විභාග දෙපාර්තමේන්තුව පෙන්වා දුන්නා. එහෙත්, මානුෂීයව සලකා අයදුම්කරුවන්ට සහනයක් ලබා දීමට සලකා බලන බවයි විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත කියා සිටියේ.
අගතියට ලක්වූ අයදුම්කරුවන් අපේක්ෂා කරන සහන පිළිබඳවද දැනටමත් කරුණු රැස්කර ඇතැයි විභාග කොමසාරිස් ජනරාල්වරයා මෙහිදී කියා සිටියා.
එකිනෙකට පරස්පර කාලසටහන් දෙකක් විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියේ පළ කර තිබීමෙන් සිදුව ඇති වරද පිළීබඳවද වහාම සොයා බලන බවයි විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත වැඩිදුරටත් කියා සිටියේ.
සෑම විටම විභාගයක් සඳහා පෙනී සිටිමේදී ප‍්‍රවේශපත‍්‍රයේ සඳහන් කාලසටහන සහ සෙසු උපදෙස් පිළිපදින්නැයි මෙහිදී නැවත සිහිකැඳවීමක්ද කෙරුණා.
කාලසටහන් පැටලිල්ල නිසා අමාරුවේ වැටුණු උසස් පෙළ සිසුන්ට සහනයක්
2018-08-17T14:03:00+05:30
Gossip Lanka Hot News
slide|