වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ වහලය මත මේ වන විට එහි කාන්තා රැඳවියන් 10 දෙනෙකු නැග විරෝධතාවයක් ආරම්භ කර තිබෙනවා.
වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ 11 වැනිදා නොසන්සුන්තාවක්
ද හට ගෙන තිබූ අතර ඒ, රැඳවියන්ට පිටතින් රැගෙන එන ආහාර සීමා කිරීම හේතුවෙන්.
ආහාර පිටතින් ලබා ගැනීමට අවසර හිමි ඇතැම් කාන්තා රැඳවියන් පිටතින් අවශ්‍ය ප‍්‍රමාණයටත් වඩා වැඩි ආහාර ප‍්‍රමාණයක් ලබා ගන්නා බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ.
ඒ හරහා තහනම් ද්‍රව්‍ය වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ රැඳවියන්ට ලැබිය හැකි බවද බන්ධනාගාර ආරංචි පැවසුවා.
මේ හේතුවෙන් පිටතින් ආහාර ලබා ගන්නා කාන්තා රැඳවියන්ට ලබා ගත හැකි වන්නේ එක් අයෙකුට සරිලන ආහාර පමණක් බව කාන්තා රැඳවියන්ට දන්වා තිබෙනවා. ඊට විරෝධය පළ කරමින් කාන්තා රැඳවියන් පිරිසක් කලහකාරී ලෙස හැසිරී තිබුණා.
එහිදී පිරිස පාලනය කර සිර මැදිරිවලට යොමු කිරීම සඳහා වැලිකඩ පිරිමි බන්ධනාගාරයේ නිලධාරීන්ද පැමිණ තිබුණා.
අද පෙරවරුවේ මෙම විරෝධතාවය ආරම්භ කළ කාන්තා රැඳවියන් සියලු දෙනාම මත්කුඩු ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් වූ අය බවත් ඔවුන්ගේ තවත් ඉල්ලීමක් වන්නේ අදාළ නඩු කටයුතු කඩිනම් කරන ලෙස බවත් බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කර සිටියා.
කාන්තා රැඳවියන් 10ක් බන්ධනාගාර වහලය උඩ
2018-08-13T11:23:00+05:30
Gossip Lanka Hot News
slide|