දඩ පති‍්‍රකාවේ වෙනසක් ගැන බස් හිමියන් තවත් බලාපොරොත්තුවක

නව දඩ පති‍්‍රකාව සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා මානව හිමිකම් කොමිසම හමුවේ තමන් ඉදිරිපත් කළ පැමිණිල්ල එළඹෙන සැප්තැම්බර් මස 03 වැනිදා විභාගයට ගැනීමට නියමිත බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති ගැමුණු විජේරත්න පැවසුවේ සිය ගැටලූවලට එහිදී විසඳුමක්
ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

සමස්ත ලංකා පෞද්ගලික බස් රථ සේවක සංගමය මිට පෙර ප‍්‍රකාශ කළේ බස් රථ සේවකයින් මුහුණදෙන ගැටළු විසඳීමට බස් හිමියන්ට ලබන 15 වැනිදා දක්වා කල් ලබාදෙන බවයි.

ඒ සම්බන්ධයෙන්ද  ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්නගෙන් කරුණු විමසීමක් කළා.

එහිදී බස් හිමියන්ට තිබෙන ගැටලු පිළිබඳවත් හොඳ අවබෝධයක් සිය සංගමයට ඇති බවත් ඒ අනුව ඉදිරියේදී සාකච්ඡා කර තීරණයක් ගන්නා බවත් සඳහන් කළා.

gossip lanka