හිටපු නාවික හමුදා ලුතිනන් කමාන්ඩර් රහස් පොලිස් අත්අඩංගුවට

2008 සහ 2009 වර්ෂයන්හිදී කොළඹ ප්‍රදේශයේ ස්ථාන කිහිපයකදී තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීමේ සිද්ධියට අදාළව වරෙන්තු ලැබ සිටි නාවික හමුදාවේ හිටපු ලුතිනන් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි නැමැත්තා හෙට (15) දක්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රදවා තබා ගෙන ප්‍රශ්න කිරීමට කොළඹ
අතිරේක මහේස්ත්‍රාත්වරිය අද (14) නියෝග කළා.

මෙම සැකකරු ඊයේ (13) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපති නිශාන්ත සිල්වා විසින් කොළඹ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබුනා.

සැකකරු මාස කිහිපයක් දොම්පේ ප්‍රදේශයේ ඉඩමක මුරකරුවෙකු ලෙස සේවය කරමින් සැඟව සිට ඇති මෙම සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී පොල්වත්තගේ ගාල්ලගේ අශෝක නමින් ව්‍යාජ ජාතික හැඳුම්පතක් සකසා අධිකරණය මග හරිමින් සැඟව සිට ඇත.

සැකකරු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් මහතා ඝාතන නඩුවේ ද සැකකරුවෙකු වන අතර එම සිද්ධිය සම්බන්ධයෙන් ඔහු ඇතුළු විත්තිකරුවන් නිදොස් කොට මුදාහැර තිබුණි .

පසුව සැකකරු මැලේසියාවට පලාගොස් ඇති අතර දැනට මාස හයකට පමණ පෙර මෙරටට පැමිණ ඇති බවට පරීක්ෂණ වලින් අනාවරණය කර ගෙන ඇත.



gossip lanka