මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන යාම සම්බන්ධයෙන් ප‍්‍රශ්න කිරීමට පොලිස් අපරාධ විමර්ශන කොට්ඨාසය පැමිණීමෙන් එක් දෙයක් පැහැදිලි වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
එම ප‍්‍රශ්න කිරීම්වලින් තමන් රාත්‍රී දහයට නිදාගන්නේ නැති බව හෙළි වූ
බව ද ඒ මහතා සඳහන් කරයි.
මන්ද එවකට හිටපු ඇමතිවරයෙකු වූ කරු ජයසූරිය මහතා තමනට දුරකථනයෙන් අමතා ඇත්තේ රාත්‍රී 11.30 ට බව එම පොලිස් නිලධාරීන් විසින් කළ ප්‍රශ්න කිරීමේ දී හෙළි වූ බවද රාජපක්ෂ මහතා පැවසීය.
පසුගිය දිනෙක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියා සිටියේ තමන් කොතරම් වැඩ රාජකාරි තිබුණද රාත‍්‍රී 10.00ට නිදා ගන්නා බවයි.
මහින්ද රාජපක්ෂ මහතා ගේ මේ ප්‍රකාශය ජනාධිපතිවරයා ගේ එකී ප්‍රකාශයට එල්ල කළ අතුල් පහරක් වැනිය.
ප්රශ්න කිරීමෙන් හෙලි වූ එකම දේ මහින්ද කියයි.. ජනපති මෛත‍්‍රීට ඉතා සැර හින්ට් එකක්.. (Video)
2018-08-18T07:46:00+05:30
Gossip Lanka Hot News
slide|