ඊළඟ ජනාධිපතිවරණයට ප්‍රධාන දේශපාලන ධාරාවේ අයෙකුට 50% වළක්වන්න අපේක්ෂකයෝ 4ක්

එක්සත් ජනතා නිදහස් සන්ධානයට සහාය පළ කරමින් සිටින දේශපාලන පක්ෂ 8ක්, සිවිල් සංවිධාන 12ක් හා රාජ්‍ය නොවන සංවිධාන 4ක් එක්වී ඉදිරි ජනාධිපතිවරණයට ජනාධිපති අපේක්ෂකයන් සිවුදෙනකු ඉදිරිපත්
කිරීමට කටයුතු කරමින් සිටින බව ආරංචි මාර්ග මගින් දැනගන්නට ලැබෙනවා.

මීට අදාළ එකඟතා ගිවිසුමට එම දේශපාලන පක්ෂ සහ සංවිධාන ලබන 19 වැනිදා කොළඹදී අස්සන් කිරීමට තීරණය කර ඇත.

උතුරු ප්‍රදේශය නියෝජනය කරමින් අතුරුදන්වූවන් වෙනුවෙන් හඬක් නඟන එසේම දෙමළ ජනයා නියෝජනය කරන අයකුද, නැඟෙනහිර ප්‍රදේශය නියෝජනය කිරීමට ඉස්ලාම් මව්ලවිවරයකුද, වතුකම්කරුවන්ගේ නියෝජිතයකු සහ සිංහල බෞද්ධයන් නියෝජනය කරමින් භික්ෂුන් වහන්සේ නමක්ද වශයෙන් එම ජනාධිපති අපේක්ෂකයන් සිවුදෙනා ඉදිරිපත් කිරීමට කටයුතු යොදමින් තිබෙනවා.

ප්‍රධාන දේශපාලන ධාරාවේ අපේක්ෂකයකුට 50%ක් ඉක්මවා ඡන්ද ලබා ගැනීම වැළැක්වීම මඟින් ඔවුන්ගේ අයිතීන් දිනා ගැනීමට පියවර ගැනීමක් ලෙසින් මෙසේ ජනාධිපති අපේක්ෂකයන් සිවුදෙනකු ඉදිරිපත් කිරීමට පියවර ගැනෙනු ලබනවා.


gossip lanka