බොදු බල සේනා සංවිධානයේ නියෝජිතයින් පිරිසක් අද පෙරවරු 9.30ට කොට්ටාව, රුක්මල්ගම ශ්‍රී ධම්මවිජයාලෝක විහාස්ථානයට ගොස් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහා නායක ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර මහ නා හිමියන් බැහැදැකීමට නියමිතය.
එහිදී සිරගතකර සිටින ඥානසාර හිමියන්ට ජනාධිපති සමාවක් ලබාගැනීම
සම්බන්ධයෙන් සාකච්ජා පැවැත්වීම බොදුබල සේනා නියෝජිතයින්ගේ අරමුණ වී ඇතැයි පැවසේ.
මේ අතර කෝට්ටේ පාර්ශවයේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමියන් පවසන්නේ, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සිරගත කිරීම සම්බන්ධයෙන් ඉදිරිදින කිහිපය තුලදී මහ නාහිමිවරුන් විසින් විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිත බවයි.
සිරගත ඥානසාර හිමි නිදහස් කර ගැනීමේ සාකච්ජා ඇරඹේ !
2018-08-13T12:02:00+05:30
Gossip Lanka Hot News
slide|