වැලිකඩ බන්ධනාගාර රෝහලට ඊයේ (30) ඇතුළත් කෙරුණු බොදුබල සේනා මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ජම්පරය ඇඳීම ප‍්‍රතික්‍ෂේප කර තිබෙනවා. බන්ධනාගාර නිලධාරීන් උන්වහන්සේට පවසා ඇත්තේ සිරදඬුවමක් නියම වී බන්ධනාගාර ගතවන ඕනෑම කෙනෙකු ජම්පරය ඇදිය යුතු බවයි. එහෙත් උන්වහන්සේ ඊට දැඩි ලෙස අකමැත්ත ප‍්‍රකාශ කර තිබෙනවා. තමන් චීවරය ඉවත් කර ජම්පරය
අඳින්නේ මහනායක හිමියන් නියම කළහොත් පමණක් බවයි උන්වහන්සේ එහිදී ප‍්‍රකාශ කර ඇත්තේ. එසේ නොමැතිව කුමන තත්ත්වයක් යටතේවත් චීවරය ඉවත් නොකරන බවද, උන්වහන්සේ ප‍්‍රකාශ කර තිබෙනවා.
මතුව ඇති මෙම තත්ත්වය යටතේ ගතයුතු ඉදිරි පියවර කුමක්දැයි වැලිකඩ බන්ධනාගාරය විසින් බන්ධනාගාර මූලස්ථානයෙන් උපදෙස් පතා ඇති බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ. පසුව බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍යාංශයෙන් ද ඒ පිළිබඳ කරුණු විමසා ඇති බව වාර්තා වුණා.
සිරදඬුවම් නියම වී ශී‍්‍ර ජයවර්ධනපුර රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි බොදුබල සේනා මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් වැලිකඩ බන්ධනාගාර රෝහල වෙත රැගෙනවිත් ඇත්තේ ඊයේ පස්වරු දෙකට පමණයි. මේ වනවිට උන්වහන්සේ එහි පළමු වන වාට්ටුවේ නේවාසිකව ප‍්‍රතිකාර ලබනවා. උන්වහන්සේට අමතරව තවත් රැඳවූවන් 40 කට ආසන්න පිරිසක් ද එම වාට්ටුවේ නේවාසිකව ප‍්‍රතිකාර ලබන බවයි බන්ධානාගාර ආරංචි වැඩිදුරටත් පැවසුවේ.
ඥාණසාර හිමි බන්ධනාගාරය ඇතුලේ සටනක
2018-08-31T07:47:00+05:30
Gossip Lanka Hot News
slide|