හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු හත් දෙනෙකුට සැප්තැම්බර් මස 10 වැනි දා ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණයේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් සිතාසි නිකුත් කෙරුණා.
ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රාජ්‍ය මුදල් රුපියල් මිලියන 48 ක් සාවද්‍ය පරිහරණය කළැයි කියන සිද්ධියක්
සම්බන්ධයෙන් මෙම සිතාසි නිකුත් කිරීමට පියවර ගෙන තිබෙනවා.
මහා පරිමාණයේ මුදල් වංචා සහ දූෂණ නඩු විභාග කිරිමට පත් කළ ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණයේ ගොනු කරන දෙවන නඩුව මෙම නඩුව වනවා.
මෙම නඩුව ගොනු කරණු ලැබුවේ ගෝඨාභය රාජපක්ෂ, හර්ෂාන් ද සිල්වා, භද්‍රා උදුලාවතී, කේමින්ද ආටිගල, ඒබ්‍රහම් ගලප්පත්ති, මහින්ද සාගල සහ මල්ලිකා කුමාරි සේනාධීර යන අයට එරෙහිවයි.
නව ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණය ගෝඨාභයට සිතාසි නිකුත් කරයි
2018-08-27T16:36:00+05:30
Gossip Lanka Hot News
slide|