අධිකරණ ක්ෂේත්‍රය නියෝජනය කරන පාර්ශව වල වැටුප් ඉහල නැංවිමක් සිදු වුවද ඊට සාපේක්ෂව අනෙකුත් රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිවිය යුතු බවට සිදු කෙරෙන ප්‍රකාශවල කිසිදු සත්‍යතාවක් නොමැති බව මුදල් අමාත්‍යාංශය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් මුදල් අමාත්‍යාංශය මේ බව සඳහන් කළේය.
එහිදී ඔවුන් පෙන්වා දී ඇත්තේ 2006 වසරේදී මෙම
අමාත්‍ය මණ්ඩල යෝජනාවක් ඉදිරිපත් කර ඇති බවයි.
ඒ අනුව එමඟින් අධිකරණ නිළධාරින් හට නීතිපති දෙපාර්තමේන්තුවට සහ නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ නිලධාරින්ට වැටුප් වැඩි කළ ද සෙසු පාර්ශව වලට වැටුප් වැඩිවිමක් සිදු කිරීමට නොහැකි බව ද මුදල් අමාත්‍යාංශය සඳහන් කළේය.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් මේ වන විට දේශපාලන වේදිකාව තුළ දැඩි කතාබහක් මතුව තිබේ.
අමාත්‍ය මනෝ ගනේෂන් මහතා සඳහන් කළේ කිසිසේත්ම මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩිවීමක් සිදුනොවන බවයි.
රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිවිය යුතු බව කරන ප්‍රකාශ අසත්‍යයි
2018-08-06T08:44:00+05:30
Gossip Lanka Hot News
slide|