ලංකා දේශපාලන ඉතිහාසයේ දැවැන්තම ජන බලවේගය කොළඹට ගෙන එන වැඩපිළිවෙල එළඹෙන සැප්තැම්බර් 05 වැනිදාට ක්‍රියාත්මක වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ ඊයේ (17) කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.
ආණ්ඩුව නිසා අසාධාරණයට ලක්වූ සියලුම පාර්ශව එදිනට ඒකරාශී වන බවයි ඔහු සඳහන් කළේ. පාර්ලිමේන්තුව තුළ වලදැමූ ප්‍රජාතන්ත්‍රවාදය ජනබලවේගයකින් නැවත වරක් රට තුළ ස්ථාපනය කිරීම සැප්තැම්බර් 05 වැනිදින සිදුවන බවද නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.
පාර්ලිමේන්තුව තුළ විපක්ෂයේ කාර්යභාර්ය ඉටුකිරීමට ඉඩනොදී විකෘති විපක්ෂයක් සමඟ ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙල ජනතාව අතරට ගෙන ගොස් ජනබලය තිබෙන තැන ආණ්ඩුවට පෙන්වාදිය යුතු බව එහිදී විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ හිටපු අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා කියා සිටියේය
ජනබලය සැප්. 5 කොළඹට!
2018-08-18T12:23:00+05:30
Gossip Lanka Hot News
slide|