පාර්ලිමේන්තුවේදී ස්වාධීනව කටයුතු කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කෙරුණු කමිටුවේ වාර්තාව සම්බන්ධයෙන් එළඹෙන 23 වැනිදා සිය මන්ත‍්‍රී කණ්ඩායමේ සාකච්ඡාවට ලක් කරන බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.
එම සාකච්ඡාවෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කිරීම
සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමටයි ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමේදී තීරණය වී ඇත්තේ.
ඊයේ රාත‍්‍රියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කොළඹ පිහිටි නිල නිවසේදී එම සාකච්ඡාව පැවැත්වුණා.
ආණ්ඩුවට එරෙහිව ඔක්තෝබර් 05 වැනිදා පැවැත්වීමට නියමිත විරෝධතා රැළිය සම්බන්ධයෙන් මෙන්ම පළාත් සභා ඡන්ද විමසීම පැවැත්වීම ඇතුළු වර්තමාන දේශපාලන කරුණු ගණනාවක් කෙරෙහි ද මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.
සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන සඳහන් කළේ "හැත්තෑ දෙනෙක්ගෙන් සමන්විත ඒකාබද්ධ විපක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායමට විපක්ෂයේ නායකත්වය භාර දීමට බැහැ කියලා කතානායක කියපු පදනම් විරහිත ප්‍රකාශය ආපසු හැරවීමට විශේෂ ක්‍රියාමාර්ග රාශියක් සාකච්ඡා කළා. ගහන්න තියෙන හැම තුරුම්පුවක්ම ගහනවා. හැම සැළසුමක්ම හෙළි කරන්න බෑ." යනුවෙනි.
විපක්ෂ නායක ධුරය ලබාගැනීමට ඒකාබද්ධ විපක්ෂයෙන් රහස් සැලසුමක්
2018-08-15T08:13:00+05:30
Gossip Lanka Hot News
slide|