පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 139 කින් පරාජය කරන ලද පළාත් සභා සීමා නිර්ණ වාර්තාව සැකසීම සඳහා රුපියල් ලක්ෂ 212 ක මුදලක් වියදම් වී ඇතැයි වාර්තාවෙයි.
ජනාධිපතිවරයා විසින් සීමා නිර්ණය කිරීම සඳහා පස්දෙනෙකුගෙන් යුත්
කමිටුවක් පත් කරන ලද අතර එය පිළිබඳව සියලුම වියදම් වෙනුවෙන් මෙම මුදල් වැය කර ඇතැයි පාර්ලිමේන්තුවේ වාර්තාවල සඳහන් වේ.
ප‍්‍රවාහන, කාර්යාල, පඩි ගෙවීම්, උපකරණ ආදී කරණා සදා මෙම මුදල වියදම් වී තිබේ.
පුනරාවර්තන වියදම් ලෙස ලක්ෂ 104ක්, ප‍්‍රාග්ධන වියදම් ලෙස ලක්ෂ 108 වශයෙන් මෙම කමිටුවට භාණ්ඩාගාරයෙන් මුදල් වෙන් කර දී තිබේ.
පැරදු සීමානිර්ණ වාර්තාව හදන්න කෝටි 2.12ක් වියදම් කරලා..
2018-08-28T08:05:00+05:30
Gossip Lanka Hot News
slide|